Skip to content

එලෝන් සමග සක(ර්)බර්ග් ගුටිකෙළියකට සැරසෙයි

මාතෘකාව දුටු විගස සිතුණේ මේ තවත් සමාජ මාධ්‍යයේ සිදුවුණු වචන හුවමාරුවක් වන්නට ඇතැයි කියා නේද? නමුත් මේ බිලියනපතියන් දෙදෙනෙකු වන එලෝන් මස්ක් සහ මාර්ක් සක(ර්)බර්ග් දෙදෙනා අතර සිදුවන්නට යන භෞතික සටනක් පිළිබදවයි. මුලින්ම, මෙහි ආරම්භය සිදුවූ අයුරු විමසා බලමු.

Twitter හි නව ප්‍රතිවාදියා ලෙස මාර්ක් සක(ර්)බර්ග් ගේ META මගින් හදුන්වාදීමට නියමිත 'Threads' නම් සමාජ මාධ්‍යය ජාලය පිළිබදව සටහනක්, twitter පරිශීලකයෙකු විසින් පළ කර තිබුණි. ඊට එලෝන් මස්ක් විසින් ලබාදුන් පිළිතුරු පණිවුඩයයි මේ,

ඉන් ඔහු අදහස් කරන්නේ ලෝකය කෙමෙන් විකල්ප රහිතව සක(ර්)බර්ග් ගේ අණසකට පත්වන බවයි. එයට වෙනත් twitter පරිශීලකයෙක් හාස්‍යයෙන් පිළිතුරු ලබාදී තිබුණේ, "සක(ර්)බර්ග් JiuJitsu නම් සටන් කලාවක් හදාරන බව අසා ඇති නිසාවෙන් ප්‍රවේශමෙන් සිටින්න" යනුවෙනුයි. ඊට නැවතත් පිළිතුරු බැදි එලෝන් මස්ක්, සක(ර්)බර්ග් සමග Cage match එකකට (කූඩුවක් තුළ සටනකට) තමන් සූදානම් බව පවසා සිටියේ මේ අයුරින්..

ඉන්පසුව සක(ර්)බර්ග්, ඉහත අභියෝගයේ Screen shot එකක්ද සමගින් Instagram story යකින් පැවැත්වෙන ස්ථානය විමසා තිබූ අතර එලෝන් මස්ක් "Vegas Octagon" යනුවෙන් ඊට පිළිතුරු දී තිබුණි. එය Mixed Martial Arts (MMA) ශූරතාවන් පැවැත්වෙන ස්ථානයකි.

මෙය PAY-PER VIEW (ගෙවා නැරඹිය යුතු) තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. සාමාන්‍ය UFC PAY-PER-VIEW තරගාවලියක් නැරඹීම සදහා $80 ක මුදලක් අයකරන අතර UFC හි සභාපතිවරයා වන Dana White පවසන්නේ මෙම බිලියනපතියන්ගේ සටන නැරඹීමට $100 කවත් අය කිරීමක් සිදුකළ යුතු බවයි. එමෙන්ම ඔහු මෙම සටන පිළිබදව බිලියනපතියන් දෙදෙනා සමගම අදහස් හුවමාරුකරගත් බවත් දෙදෙනාම ඉතා උනන්දුවෙන් සටනට සැරසෙන බවත් ඔහු පවසා සිටියා. මෙම තරගය නිසාවෙන් ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබෙනු ඇති අතර ඒවා සමාජ සුභසාධනය වෙනුවෙන් යොදාගන්නා බවටද වැඩිදුරටත් ඔහු අදහස් දැක්වූවා.

එලෝන් මස්ක් සිය පුහුණුවීම් ආරම්භ කර ඇති බව සදහන් කරමින් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යයේ සංසරණය විය.

පසුගියදා Threads සමාජ ජාලය නිකුත් වීමත් සමග එලෝන් - සක(ර්)බර්ග් ගැටුම වඩාත් උණුසුම් වූයේ නිකුත්වී පැය 24ක් යන්නටත් ප්‍රථමයෙන් Twitter වෙතින් Threads සමාජ ජාලයට බලපෑම් කරමින් සක(ර්)බර්ග් වෙත එවා තිබූ ලිපියත් සමගයි.

Threads ට එරෙහිව Twitter නඩුමගට පිවිසෙන ලකුණු
පසුගියදා නිකුත් වුණු META හි Threads සමාජ ජාලය එතෙක් මෙතෙක් සමාජ ජාලයන් සතු වූ වාර්තාවන් බිද හෙලන්නට සමත් වූයේ නිකුත් වී පැය 2 ක් ඇතුළත පරිශී

මෙම සටන පිළිබද ඔවුන්ගේ අතිවිශාල වූ රසික පිරිස දැඩි අවධානයකින් පසුවන බවක් පෙනෙන්නට ඇත. ඔබ කාගේ පැත්තේද? අභියෝගය එල්ල කළ මස්ක්ගේ පැත්තේද? JiuJitsu හදාරා ඇති සක(ර්)බර්ග් ගේ පැත්තේද?

Latest