Skip to content

සිම්බාබ්වේ ඉණිම​ ලකුණු 165කින් අවසන්..

Super Six තරග වටයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන තරගයේ පන්දු වාර 32.2ක් අවසාන වන විට සියලු දෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 165 පමණයි.

දසුන් ශානක ක්‍රියාත්මක කරන ලද ඔහුගේ 03 වන පන්දු වාරයේ 04 වන පන්දුව තුලදී Sikandar Raza ලකුණු 31කදී දවා ගැනීමට හැකිවූ අතර ඒ දිල්‍ෂාන් මදුෂංක විසින් රැකගත් අනගි උඩ පන්දුවක් හේතුවෙනුයි. නමුත් තරගයේ පීඩනය සිම්බාබ්වේ පිතිකරුවන් විසින් ආපසු හරවා ගනු ලැබූවේ ධනංජය සිල්වා යොමු කරන ලද ඔහුගේ හතර වන පන්දු වාරයට හයේ පහර 03ක් එල්ල කරමිනුයි.

නමුත් තරගයේ ග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙතට නැවත හසු කර ගැනීමට සමත් වූ මහීෂ් තීක්‍ෂණ ඔහුගේ 03 වන පන්දු වාරයේ 05වන පන්දුව තුලදී Sean Williams ලකුණු 56කට දවා ගැනීමට සමත් වනවා. එලෙසින්ම​ තීක්‍ෂණ ගේ 04 වන පන්දු වාරයේ සිව්වන​ පන්දුව තුල දී Ryan Burl ලකුණු 16කට දවා ගනු ලබනවා. ක්‍රමයෙන් කඩුලු බිද වැටීමත් සමග සිම්බාබ්වේ ඉණිම නිමා වන්නේ පන්දු වාර 32.2 අවසානයේ ලකුණු 165ක් ලබා ගනිමිනුයි.

Latest