Skip to content

යුරෝපා සංවිධානයේ ප්‍රධානියා ඉදිරිපත් කෙරූ අදහස චීනය විසින් ප්‍රතික්ෂේප කරයි

යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula Von Der Leyen ඊයේ Xi Jinping සමග පැවති හමුවේ දී තායිවානයේ ප්‍රශ්නය පිළිබඳ ප්‍රශ්න කල අතර චීන ජනාධිපතිවරයා එයට කැමැත්තක් දැක්වූවේ නැත. ඔහු එයට මෙසේ ප්‍රතිචාර දැක්විය.

" තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරයයි. චීනයේ ප්‍රශ්නය ගැන කිසිවකු ඝෝෂා කිරීම පිළිබඳ චීන රජය සහ චීන ජනතාව කිසිවිටක එකඟ නොවනු ඇත. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය සමග සම්මුතියක් අපේක්ෂා කරන ඕනෑම අයෙක් තමාගේ ම පාදයට වෙඩි තබා ගැනීම ප්‍රාර්ථනා කරනු ඇත. "

Xi Jinping මෙලෙස ප්‍රතිචාර දැක්වූවේ ඇයි?

එලෙස ප්‍රතිචාර දැක්වූවේ තායිවානයට එරෙහිව බලය යෙදවීම යුරෝපයට පිළිගත නො හැකි බව Ursula Von Der Leyen විසින් Xi Jinping ගේ මූණට ම මෙලෙස පැවසීම නිසා ය.

“තායිවාන සමුද්‍ර සන්ධියේ ස්ථාවරත් වය ඉතා වැදගත් බව අපි කවුරුත් එකඟ වන කාරණයකි. මෙම ස්ථාවරත් වය, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ පවතින තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අපට ඉතා පැහැදිලි උනන්දුවක් ඇත. මෙම කලාපයේ පවතින තත්වය ඒකපාර්ශ්වික ව සහ බලහත්කාරයෙන් කිසිවකු විසින් වෙනස් කිරීම නො කළ යුතු අතර පවතින තත්ත්වය වෙනස් කිරීමට බලය යෙදවීම පිළිගත නො හැකි ය. ඇතිවිය හැකි ප්‍රශ්න සංවාදයෙන් විසඳා ගැනීම වැදගත් ය. "

Ursula හට තායිවාන ප්‍රශ්නය විසඳා ගැනීමට සංවාදයක් අවශ්‍ය වුනත් Xi Jinping විසින් එම අදහස ප්‍රතික්ෂේප කිරීමට තත්පරයක කාලයක් වත් ගත කෙරුවේ නැත.

Latest