පරිශීලකයින් විසින් Ad blockers භාවිතයට ගනිමින් වෙළද දැන්වීම් වලින් තොරව Youtube හි වීඩියෝ නැරඹීම, Google ආයතනය වෙත විශෘල වශයෙන් පාඩු ගෙනදෙන්නක් වී හමාරය. එනිසා ඔවුන් විසින් Ad blockers භාවිතය වැළැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ගයන් අත්හදා බලමින් සිටියි. මෑතක සිට ඒවා අත්දුටු ඇතැම් පරිශීලකයින් විසින් ඔවුන් මුහුණපෑ අත්දැකීම්, සමාජ මාධ්‍යයේ පළ කරන්නට වූයේ Youtube විසින් මුල්වරට pop-up පණිවුඩයක් මගින් වීඩියෝ නැරඹීම අවහිර කළ අවස්ථාවේදිය.

දින කිහිපයකට පෙර Youtube පරිශීලකයෙකු වෙත ලැබුණු නව අනතුරු ඇගවීමේ පණිවුඩයක ඡායාරූප, Reddit හි පළ කර තිබුණේ මේ අයුරින්,

එහි සදහන් පරිදි ඔබ විසින් Adblockers භාවිතා කරන්නේනම්, වීඩියෝ 3 ක් නැරඹීමෙන් අනතුරුව තවදුරටත් වීඩියෝ නැරඹීය නොහැකිවන අයුරින් වීඩියෝ ප්ලේයරය අවහිර වීමකට භාජනය වෙයි. අවහිර වූ පසු ප්ලේයරයෙහි මෙලෙස දර්ශනය වෙයි.

පරිගණක සහ දුරකතන දෙවර්ගයටම මෙය අදාළ වන අතර Ad blocker අක්‍රීය කිරීමෙන් නැවතත් වෙළද දැන්වීම් සහිතව වීඩියෝ නැරඹීම සිදුකළ හැකියි.
මෙම අවහිර කිරීම් සීමිත පරිශීලකයින් පිරිසක් වෙත ලැබී තිබුණත් ඉදිරියේදි ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව google ආයතනය පවසනවා. වෙළද දැන්වීම් සහිතව Youtube පරිශීලනය කිරීමට යොමුකිරීම සහ Youtube Premium පරිශීලකයින්ගේ ඉහළයාමක් දැකීම ඔවුන්ගේ අරමුණයි.