තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදමින් යුතුව ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරමින් 09 වනදා රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ඒ- 320 එයාර්බස් වර්ගයට අයත් මෙම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙ සිට තායිලන්තය බලා පිටත්ව ගියහ.
මේ අනුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කෙරෙන අතර එය සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.
මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතරම ගුවන් ගමනට යාමට සහ ඒමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක් වැනි අඩු මුදලක් පමණි.