Skip to content

යොජිත ත්‍රස්ත පනතට එරෙහිව කිලිනොචියේ විරෝධතාවයක්.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළ කරමින් ඊයේ(29) දහවල් කිලිනොච්චිය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපස විරෝධතාවයක නිරතවිණ.

කිලිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍ය සමාජය හා කිලිනොච්චිය දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව විසින් විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබිණ.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හරහා සත්‍ය තොරතුරු සමාජගත වීමට බාධාවන් එල්ලවිය හැකි අතර, ඒ තුළින් සත්‍ය වසන්වීමේ අවධානමක් පවතින බවයි.

පාලක මතයට විරුද්ධවීම හරහා සිරගතවීමේ අවධානමක් ඒ තුළින් උදාවීමේ තත්වයක් ඇතිවිය හැකි බවද විරෝධතාකරුවන් සඳහන් කළහ.

එබැවින් යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ඉවත් කරගත යුතු බවට විරෝධතාකරුවන් ඉල්ලීම් කළහ.

විරෝධතාවයන් වෙනුවෙන් යාපනය මාධ්‍ය සමාජ ක්‍රියාකාරීන්,මුලතිව් මාධ්‍ය සමාජ ක්‍රියාකාරීන්,කිලිනොච්චිය සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටියහ.

Latest