නව සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ අරමුණින් නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය අගෝස්තු මස 04 වන සිකුරාදා දින සිට ගමන් ආරම්භ කරන ලදි.
දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු මගීන් රැසක් මෙම ආරම්භක දුම්රිය ගමන සඳහා එක්ව සිටියහ. ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පසුදා පෙරවරු 05.50ට කන්කසන්තුරේ වෙත ලඟා වීමට නියමිතයි. එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ලඟා වන්නේ පසුදා පෙරවරු 05.35ටය.
නවීන, අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම යාල් නිලා දුම්රියට වායු සමීකරණය කරන ලද ප්‍රථම සහ දෙවන පන්තියේ මැදිරි, සනීපාරක්ෂක පහසුකම්, භෝජනාගාර ඇතුලු පහසුකම් රැසක් ද ඇතුලත් වේ.
මෙහි පළමු පංතියේ ආසනයක් රුපියල් 4000/= ක් වන අතර දෙවන සහ තෙවන පංතියේ ආසන රුපියල් 3000/= සහ රුපියල් 2000/=ක් වේ. මගීන්ට අන්තර්ජාලය ඔස්සේ මෙන්ම දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් ද ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇත. මෙම සුඛෝපභෝගී දුම්රිය ක්‍රියාත්මක වනුයේ සති අන්තයේ පමණි.
නව සේවාව සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගී වූහ .
