Skip to content

යාපනයේ පංච පුද්ගල ඝාතනයේ සැකකරු බන්ධනාගාරගත කරයි.

සිද්ධිය වු ස්ථානය

යාපනය,ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය,කයිට්ස් මහේස්ත්‍රාත් ජේ.ගජනිදිබාලන් මහතා ඊයේ(25) නියෝග කෙරිණ.

යාපනය ඩෙල්ෆ් පොලිසිය පැවසූවේ යාපනය,ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබියදී 22 වැනිදා උදැසන සොයාගත් බවයි.

ඝාතනයට ලක්ව තිබුණේ තාවකාලිකව මෙරටට පැමිණ සිටි ලන්ඩන් පදිංචිකාරියක් වන එස්. නාගේන්ද්‍රරත්නම් නමැති 78 හැවිරිදි කාන්තාවක් හා යාපනය,ඩෙල්ෆ් පදිංචි නාගනදි බාලසිංහම් නමැති 82 හැවිරිදි පුද්ගලයෙකු, බාලසිංහම් පූමනි නමැති  76 හැවිරිදි කාන්තාවක්,කාර්තිගේසු නාගසුන්දරි නමැති 83 හැවිරිදි කාන්තාවක්,එස් .මහාදේවන් නමැති 75 හැවිරිදි පුද්ගලයෙකුය.

වයස අවුරුදු 100 ක් වන කාන්තාවක් සිද්ධියෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළහ.

සැකකරු විසින් මියගිය පුද්ගලයින් සතුව තිබු රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඝාතනයන් සිදුකොට ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධියෙන් මියගිය ස්වාමිපුරුෂයා හා භාර්යාවගේ අවසන් කටයුතු අද(26) මුලතිව් ප්‍ර දේශයේදී පැවැත්වීමට නියමිත අතර, අනෙකුත් පිරිසගේ අවසන් කටයුතු හෙට(27) යාපනයේදී පැවැත්වීමට නියමිතය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ ඝාතනයට අදාළ සැකකරු කලක් ජර්මනියේ රැදී සිට ඇති අතර, අනතුරුව මෙරටට පිටුවහල් කළ පුද්ගලයෙකු වන බවට තොරතුරු පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest