Skip to content

යාපනය රාජධානියේ අවසන් රජුගේ 404 වන අනුස්මරණ සැමරුම

යාපන රාජධානියේ අවසන් රජු වූ සංගිලියන් රජුගේ 404 වන අනුස්මරණ සැමරුම යාපනයේදී පවත් වන ලදී. මෙහිදී යාපනය පිහිටි සංගිලියන් ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වා සැමරුම් උත්සවය පවත්වන ලදී. ලංකා ශිව සේනා සංවිධානය මගින් මෙම උත්සවය පවත්වන ලද අතර යාපනය නල්ලුර් ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශ වල සංගිලියන් රජුගේ මාලිගාව හා සංගිලියන් රජු නමින් ඉදි කොට ඇති එතිහාසික තොරණ දැක ගන්නට ලැබේ. ඒ අනුව යාපනයේ අවසන් රජු වන සංගිලියන් රජුට යාපනය ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි වේ. මෙම සැමරුම් උත්සවය සදහා සර්ව ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභගී විය.

Latest