Skip to content

යාපනය මුහුදේ පාවුනු ඉන්දියාවේ කේරල ගංජා..

යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ   කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික ප්‍රමාණයක් සොයගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, මාමුනෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ අද (08) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක්  නිරීක්‍ෂණය පසු එම උර පරික්ෂා කිරීමේදී එම උර හතර තුල පාර්සල් 53ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 128ග්‍රෑම් 100ක පමණ තොගයක් සොයාගනු ලැබීය..

නාවික හමුදාව ක්‍රියාත්මක කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ඉන්දියාවේ සිට රැගෙන එන ලද අදාල කේරල ගංජා නාවික හමුදාව සිටීම හේතුවන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයිනාවික හමුදාව සැකපල කර සිටියි.

සොයාගත්  කේරළ ගංජා නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගෙන ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Latest