ශ්‍රී ලංකාවේ දකුණේ පමණක් නොව කුමන ප්‍රදේශයක දී වුවත් දියේ ගිලී සිදුවන අනතුරු බොහෝ විට කෙළවර වන්නේ මරණයෙනි. තමන්ගෙ ජිවිතය පරදුවට තබා තවකෙකුගේ ජීවිතය බේරා දීමට ඉරිපත්වීමම උතුම්පරිත්‍යාගයකි.
එවැනි පිම්මක අනතුරට පත් අයගේ ජිවිතය මෙන්ම බේරාගැනිමට ඉදිරිපත්වන පරිත්‍යාගශීලියාගේ ජීවිතය යන දෙකම ඇත්තේ මරණය අභියසයි.
මෙවැනි ක්‍රියාදාමයන් තුළ ජීවිතයක් බේරා ගැනීම සෑම විටම ත්‍රාසජනක ක්‍රියාවකි. ජීවිතාරක්ෂකයකුට පවා අපහසු ප්‍රචන්ඩ රළ ගෙඩි මත පිහිනායමින් තම එකළොස් හැවරිදි සහෝදරයා බේරාගන්නා 13 හැවරිදි කල්යා ගේ නිර්භීත හා පරාර්ථකාමී ක්‍රියාව ලොව වීරත්වයෙන් පිදුම් ලබන්නේ ඒ නිසාය.
දිනය 2022 වසරේ අගෝස්තු 27 වැනිදායි.
13 හැවිරිදි කල්යා කන්දෙගොඩ ගමගේ නවසීලන්තයේ ක්‍රිස්ටල්ස් වෙරළ තීරයේ තම පවුලේ අය සමඟ කාලය ගත කරමින් සිට ඇත. කල්යාත් ඔහුගේ සොහොයුරා කිත්මිත් මුහුදේ පාරු පදිමින් විනෝදවෙමින් සිට ඇත. එකවරම පැමිණි ප්‍රචන්ඩ රළ පහරක් කල්යා සහ කිත්මි මුහුදට ඇද දමා තිබේ.
මෙහිදී පිහිනුම් දක්ෂතා තිබෙන කිත්මි කිහිප වතාවක්ම ප්‍රචන්ඩ රළ පරදා ගොඩබිම දෙසට පිහිනීමට උත්සාහ දරුවද එය ව්‍යාර්ථ වී තිබේ.
වෙරළට පිහිනා සිය සොහොයුරා නොමැතිබව දුටු කල්යා සිය මව දෙසට හැරී, “අම්මේ මම යනවා මල්ලිව බේරාගන්න. සමහර විට මම නොඑන්නත් පුළුවන්” යැයි පවසා ප්‍රචණ්ඩ රළ මතට යළි පැන තිබේ.
ඒ වනවිට එහි එක් රළක් මිටර් 3ක් පමණ උසින් වෙරළ සිපගනිමින් තිබි ඇත.
කල්යා සිය මල්ලි බේරා ගැනීමට රළ මතට පනින විට කිත්මි වෙරළේ සිට මීටර් 60ක් පමණ දුරකට ගසාගෙන ගොස් තව තවත් මුහුද දෙසටම ඇදෙමින් සිට ඇත.
උස රළ මෙන්ම සෙල්සියස් අංශක 10ක් තරම්වන සීතල ජලයේ පිහිනා ජිවිතාරක්ෂන ක්‍රියාවලියක නිරතවිම ඉතා දුෂ්කර කාර්යයකි. එසේ තිබිය දී ජීවිතය පරදුවට තබමින් සිය සහෝදරයා බේරාගැනිමට ගිය කල්යා ඉතා කෙටි කාලයක් තුළ රළ අතර සැගවෙමින් ගසාගෙන යන සිය සහෝදරයා අසළට ළගා වී තිබේ.
ශ්‍රී ලංකාවේ දි (ගාල්ල මහින්දයෙන්) ලැබූ සිය ජිවිතාරක්ෂක පුහුණුව ප්‍රයෝජනයට ගත් කල්යා හදිසි සේවා පැමිණීමට පෙර සිය සහෝදරයා නිරුපද්‍රිතව වෙරළට ගෙන ඒමට සමත්වී ඇත.
මෙම සිදුවීමෙන් පසු අදහස් දක්වා ඇති නවසීලන්තයේ එම වෙරළ කලාපය භාර ප්‍රාදේශිය පොලිස් නිලධාරියකු “මොවුන්ගේ ජීවිත බේරුණා කියන්නෙ පුදුමයක්. මේ මුහුදු තීරය ඒ තරම් භයානකයි”යැයි පවසා තිබේ.
රාජකීය ජීවිතාරක්ෂක සංගමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය දියේ ගිලීම් වළක්වාගැනිමේ සංවිධානය අදාළ සිදුවිම එලෙස විස්තර කරමින් දක්වා ඇත්තේ කල්යාගේ නිර්භීත ප්‍රතිචාරය අවිවාදයෙන් ඔහුගේ සහෝදරයාගේ ජීවිතය බේරා ඇති බවයි.
රාජකීය මවුන්ට්බැටන් පදක්කම ශ්‍රී ලංකාවට මීට පෙර දෙවතාවක් හිමිව තිබූ අතර 1994 වසරේ දී හා 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේ දී ජීවිතාරක්ෂක ක්‍රියාවන් වෙනුවෙන් යසිත් ද සිල්වා සහ කතලුව යසරත්න මහත්වරු 1995 හා 2005 වසරේ දී මෙම පදක්කම් දිනාගත්හ.
එසේ වුව ද තවමත් 14 වියො පසුවන කල්යා 1951 මෙම පදක්කම පිරිනැමිම ඇරඹූ දා පටන් මෙම පදක්කම දිනාඇති ලාබාලම ශ්‍රී ලාංකික විරුවාය. තමන්ගේ ජිවිතය බේරුවාට සිය වැඩිමල් සොහොයුරාට තුති පුදන කිත්මි මෙන්ම කල්යා දෙදෙනාම කුඩා කල පටන් පිහිනුම් පාඨමාලා හැදැරූවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ය.
තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන මාධ්‍යට විස්තරකරන කල්යා අවසන් වශයෙන් ඔහුට පිහිනුම් ක්‍රීඩාවක් වශයෙන් හඳුන්වා දුන් ගාල්ල මහින්ද විද්‍යාලයට හා ඔහුට මෙන්ම සිය සහෝදරයාට පාසලේ දී පිහිනුම් ඉගැන්වූ පුහුණුකරුවන්වන අතුල සේනාරත්න හා බන්දුල සේනාරත්න මහත්වරුන්ට තුති පුදන්නට ද අමතක නොකළේය.
නවසීලන්තයේ ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ උත්සවයක දී කල්යාට මවුන්ට්බැටන් පදක්කම පසුගිය දා ප්‍රදානය කළ හ
ලොව ලාබාලතම රාජකීය මවුන්ට් බැට්න්පදක්කම් ලාභියා.
