Skip to content

ලෝකයේ උෂ්ණාධිකම දිනය වාර්තා වේ.

ලෝකයේ උෂ්ණත්වය ගණනය කිරීමේ සාමාන්‍ය අගය ඉකුත් ජුලි 3 වන සඳුදා එහි ඉහළම අගය වාර්තා කල අතර එය දැක්වුණේ සෙල්සියස් අංශක 17ක් නොහොත් ෆැරන්හයිට් 62.6 වශයෙනුයි. විද්‍යාඥයන් පවසන්නේ 19 වැනි සියවසේ අගභාගයේ සිට උෂ්ණත්වය මැනීමේ ඕනෑම උපකරණ වාර්තාවක සදහන් වූ අගයන් සමග සැසදීමේදී මෙම අගය වාර්තා වූ ඉහළම අගය බවයි.

කාබන්ඩයොක්සයිඩ් අඛණ්ඩව විමෝචනය වීමත් එල් නිනෝ කාලගුණ සංසිද්ධියත් මෙම උෂ්ණාධික කාලගුණයට බලපා ඇති බව විශේෂඥ මතය වී තිබේ. පර්යේෂකයින් විශ්වාස කරන්නේ එල් නිනෝ බලපෑම ඉදිරි මාස වලදී වැඩි වන විට මෙම උෂ්ණත්වය ඉහල අගයක් ගැනීමේ නවතම වාර්තා ද තවදුරටත් අලුත්විය හැකි බවයි. මේ වසරේ ආරම්භයේ සිටම පර්යේෂකයන් ගොඩබිම සහ මුහුදේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබූ අතර​, ස්පාඤ්ඤයේ සහ ආසියාවේ බොහෝ රටවල වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහල නැගීමත් උතුරු මුහුදේ සමුද්‍ර තාප තරංග ඇති වීමත් ඒ අතර දැක්විය හැකිය​.

පාරිසරික පුරෝකථනය සඳහා වන එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථාන වලට අනුව, ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ජූලි 3 වන දින සෙල්සියස් අංශක 17.01 [ෆැරන්හයිට් 62.62] දක්වා ළඟා විය. මෙය 2016 අගෝස්තු මාසයේ පැවති සෙල්සියස් අංශක 16.92 ක [ෆැරන්හයිට් 62.45] පෙර වාර්තාව බිඳ දමනු ලැබීය​. එල් නිනෝ කාලගුණ සංසිද්ධිය ගත් කල එහි බලපෑම මගින් ඇති කල හැකි විවිධ පාරිසරික අවධීන් වශයෙන් උණුසුම්, සීතල හෝ සාමාන්‍ය/උදාසීන තත්වයන් ගත හැකිය​. එය පෘථිවියේ ඕනෑම තැනක දේශගුණික පද්ධතියේ බලවත්ම උච්චාවචනයක් ඇති කල හැකි සංසිද්ධියකි.

වසර අග එන El - Nino
ලෝකයේ දේශගුණ වෙනස්වීම් සඳහා බලපාන ස්වාභාවික හේතු සාධක ගත් විට සූර්ය ලප, යමහල් විදාරණය සහ ලැව් ගිණි යන ප්‍රධාන හේතු සාධක හැරුණුවිට

ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවමින් අතිරේක තාපය පැසිෆික් සාගරයේ ඉහළ මතුපිටට ගමන් කරමින් තිබෙන බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. මෙකී පාරිසරික බලපෑම් හරහා මිනිසුන්ට මෙන්ම ජීවී විශේෂ වලට ද ඇතිවී තිබෙන අහිතකර තත්වය කියාපාන පුවත් විදෙස් මාධ්‍ය තුල පසුගිය කාලයේ වාර්තා කර තිබිණි.

මිය ගිය මසුන් දහස් ගණනක් තායිලන්ත වෙරළ තීරයට ගොඩ ගැසේ.
ඉකුත් බ්‍රහස්පතින්දා තායිලන්තයේ දකුණු චුම්ෆොන් පළාතේ කිලෝමීටර් 4 ක් (සැතපුම් 2.5) පමණ වෙරළ තීරය පුරා මිය ගිය මත්ස්‍යයින් දහස් ගණනක් ගොඩගසා ති

Latest