Skip to content

ලෝක සාගර දිනය සැමරේ.

ජාත්‍යන්තර සාගර දිනය පසුගිය 08 වෙනිදාට යෙදී තිබුණි. මෙවර ලෝක සාගර දින තේමාව වී තිබුනේ "වඩදිය බාදිය වෙනස් වෙමින්" පවතී යන්නය.

ලෝක සාගර දිනය පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනාව පළමු වරට ඉදිරිපත් වී ඇත්තේ 1992 වසරේදී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ වලදී පැවති පරිසරය සහ සංවර්ධනය සම්බන්ධයෙන් පැවති පෘතුවි සමුළුවේදීය. කැනඩාවේ සාගර සංවර්ධනය සදහා වු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කැනනඩාවේ සාගර ආයතයනය විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

2008 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි මස 08 වැනිදා ලෝක සාගර දිනය බවට ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව සෑම වසරකම ජුනි මස 08 වැනිදා ලෝක සාගර දිනය ලෙස නම් කර ඇත. සාගරය සම්බන්ධයෙන් ඇති සුවිශේෂී ගැටළු හදුනා ගෙන ඒ අනුව තේමාවක් නම් කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය අවදානය යොමු කර ඇත.

අප රටේ ජනතාවද ලෝක සගර දිනය සමරණු ලබයි. විශේෂයෙන්ම මුහුදු කරයේ ජීවත් වන පිරිස් සහ සංවිධාන ඒ සදහා උනන්දු වන බවක් දක්නට ඇත. පසුගිය කාලය තුළදී නම් අප රටේ සාගර තීරය විනාශ වීමට තුඩු දුන් කරුණූ කාරණා රැසක් පිළිබදවම විටින් විට අවදානය යොමු කළේය.

සාගරය රැක ගැනීම සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරන අතර තුර යාපනය - අල්ලයිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ද වැඩ සටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් සහ පාසල් දරුවන් හවුල් කරගෙන එම ප්‍රදේශයේ කලපු තීරය තුළ කඩොලාන රෝපණය කිරීමට සමුද්‍ර පරිසර අධිකාරිය කටයුතු කර තිබුණි. ඒ අනුව කඩොලාන පැල 200 ක් 08 වැනිදා දවස තුළ අල්ලයිපිටිය කලපු තීරය තුළ රෝපණය කරන ලදි.

කඩොලාන පැල රෝපනය කිරීමේ වැඩ සටහනට රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියේය.

Latest