Skip to content

මීටර 100 තත්පර 10 ට අඩුවෙන් නිමකල ලොව පළමු මිනිසාවූ Jim Hines නික්ම යයි

මීටර 100 ධාවන තරඟයක් තත්පර 10 ට අඩු කාලයක් තුල නිම කල ලොව පළමු මිනිසා ලෙස හැඳින්වෙන ජිම් හයින්ස් ( James Ray Hines) පසුගිය ජූනි 03දා මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. මිය යනවිට ඔහු 76 වන වියේ පසුවී ඇති ඔහු වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹෙන්නට සමත්ව සිට ඇත.

1946 සැප්තැම්බර් මස 10 වන දින චාලි හයින්ස් සහ මිනී වෙස්ට් හයින්ස් දෙපලට දාව උපන් දරුවන් දොළොස් දෙනාගේ නව වැන්නා වූ ජිමි උපත ලබා ඇත්තේ ඩූමාස් හීදීය. 1952 දී සිය පවුලේ පිරිස සමග කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් වෙත පදිංචියට යන ඔහු ලෝවේල් කණිෂ්ඨ උසස් විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කරන අතරම එම විද්‍යාලයේ මලල ක්‍රීඩා ගුරුවරයාගේ නෙත ගැටී ඇත. ඒ අනුව ක්‍රීඩා ගුරුවරයා ගේ ඉල්ලීම පරිදි මලල ක්‍රීඩා කණ්ඩායමට එක්වන ජිමි මීටර 100 සහ 220 සඳහා විශේෂඥයෙකු වී ඇත.

ඔහුගේ පාසල් දිවිය පුරාවටම මෙම තරඟ ඉසව් දෙක සඳහා අපරාජිතව සිට ඇති අතර මීටර 100 දිවීම තත්පර 9.7කින් නිම කර ඇති අතරම එය පසුව තත්පර 9.4ක් දක්වා වැඩිදියුණු කරගෙන ඇත. එසේම 1964දී පාසැලෙන් නික්ම යන විටදී ඔහු ජාතික තලයේ උසස්ම පාසැල් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණි ගතවී ඇත.

එක්සත් ඡනපද ශුරතා තරගාවලියේදි හයින්ස් මීටර 100 තරඟය තත්පර 9.9කින් නිම කරමින් එහි වාර්තාව පිහිටුවනු ලැබ ඇත. 1968 වසරේදී මෙක්සිකෝ නගරයේ දී පැවති පැවැති ඔලිම්පික් තරගාවලියේ දී ඔහු විසින් එම දුර තත්පර 9.95කින් නිමකරමින් ලොව වේගවත්ම මිනිසා යන විරුදාවලිය ද ලබා ඇත

(Pics - Credit to the respective owners / Foreign Sources )

Latest