Skip to content

'ලෝක ආදිවාසී' දිනය අගෝස්තු 08 සහ 09 කොටබකිණියේදී.

2023 ලෝක ආදි වාසී දිනය ලබන අගොස්තු මස 08 සහ 09 දෙදින තුළ මහියංගනය, දඹාන - කොටබකිණියේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැල්ලන්ගේ සහ රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් කොටබකිණිය ගම්මනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙම සාකච්ඡාවට පොල්ලේබැද්ද, දළුකාන, හෙනානිගල, රතුගල සහ වාකරේ යන ආදීවාසීන් පදිංචිව සිටින ගම්මාන වල නායකයින්ද එක්ව සිටියේය.

ලෝක ආදාවාසී දිනය සමරමින් අගෝස්තු මස 08 වෙනිදා රාත්‍රීයේ "වරිග සභාව" රැස්වීමට නියමිතය. එම සභාවේදී ගන්නා තීන්දු තීරණ රජයට බාර දීම 09 වෙනිදා සිදු කිරීමට නියමිතව ඇත.

ආදිවාසීන්ගේ සම්ප්‍රදායික ක්‍රීඩා මෙන්ම, නර්තනයන්ද මෙහිදී පැවැත්වීමට තීරණය කර ඇත.

ලෝක ආදිවාසී දිනය පැවැත්වෙන කාලය තුළ එම අවස්ථාවට සහභාගි වන බාහිර පාර්ශවයන්ගේ පහසුකම් සම්පාදනය කිරීමටද සාකච්ඡාවට එක්ව සිටි රජයේ නිලධාරීන් එකගතාවය පළ කර ඇත.

Latest