Skip to content

ලොව පැරණිම සුසාණ භූමිය දකුණු අප්‍රිකාවෙන් හමුවෙලා

ලොව මෙතෙක් කැනීම් වලදී සොයාගන්නා ලද පැරණිතම සුසාණ භූමිය දකුණු අප්‍රිකාවෙන් සොයාගැනීමට හැකි වී ඇතැයි එරට කැනීම්වල නිරතවන විද්‍යාඥයින් පිරිසක් පවසා සිටිති.

කීර්තිමත් මානව විද්‍යාඥ ලී බර්ගර් විසින් පවසා සිටියේ ගස් උඩ වාසය කරන ලද ගල් යුගයේ මිනිසුන්ගේ යැයි සැකකෙරෙන මිනිස් සිරුරු මිහිදන් කරන ලද සුසාණ භූමියක් මීටර් 30 කට හෙවත් අඩි 100 කට වඩා ගැඹුරින් වූ ගුහාවකින් හමුවී ඇති බවටය.

පොළව යටින් මතුවූ සුසාණ භූමියේ කැනීම් සිදුකරන අයුරු

එමෙන්ම මෙම සුසාණ භූමිය අවම වශයෙන් වසර 100,000 ටත් එහා අතීතයක් පවතින අතරම එය මානව වර්ගයාගේ ආරම්භය පිළිබඳව සෙවීමට වැදගලත් සාක්ෂි රාශියක් පවතින බවටද විද්‍යාඥයින් පවසති.

එහිදී වැඩිදුරටත් විද්‍යාඥයින් විසින් මෙම සුසාණ භූමියෙන් හමු වූ ඇටසැකිලි කොටස් මේ වන විට සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවල සහ කාලනිර්නය කිරීම සඳහා යොදාගෙන ඇති අතරම ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ,

සුසාන භූමියෙන් හමුවූ අස්ථා කොටස් එක්ලැස් කිරීම

මේ සුසානභූමිය පිළිබඳව වැඩි දෙයක් පැවසීමට නැත මොකද වානර යුගයේ සිට මානවයාගේ දක්වා වූ සන්ධිස්ථාන පිළිබඳව පරික්ෂණ සිදුකිරීම තිබෙන නිසා. එහෙයින් පරික්ෂණ කටයුතු දිගටම සිදුකරමින් පවතින අතරම කැනීම් කටයුතුද දිගටම සිදුකරමින් පවතින බවටය.

Latest