පවතින වර්ෂාවත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය නැවත හිස එසවීමේ අවධානමක් පවතින බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අනතුරු අඟවා තිබෙනවා.
2023 වසර තුළ බස්නාහිර පළාතින් පමණක් ඩෙංගු රෝගීන් 30,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් අරියරත්න මහතා පැවසීය..
අධික වර්ෂාව හේතුවෙන් පාසල් සිසුන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව ත් හැකි තරම් තම අවට පිරිසුදු කර ගනිමින් ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත්කර ගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණ පාසල් දරුවන් බව ත් මේ වන විට පාසල් කටයුතු ආරම්භ කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ත් ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,254 දෙනෙක් වාර්තා වී ඇති බව ත් සමස්ත රෝගී සංඛ්‍යාවෙන් 30,355 දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව ත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,218ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,105 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් 4,032 දෙනෙකු ද වාර්තා වී ඇතැයි එහි දක්වා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය මගි න් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 13ක් හඳුනාගෙන ඇති බව ත් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 38ක් බව ත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.