Skip to content

දුම්රිය ගාස්තු වෙනස් වෙයි ද ?

2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ  සමස්ථ ආදායම බිලියන 2.6 ක් බවත් ඒ අතරම අතිකාල දීමනා ලෙස බිලියන 2.3ක් ද සේවක වැටුප් සඳහා බිලියන 7ක්ද ගෙවා ඇති බවත් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

අද දින (24) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය.මේහේතුවෙන් බිලියන 10ක් පමණ මුදලක් පසුගිය වසර වල අලාභයක් ලෙස සිදුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.   "මේ අලාභය පියවගන්න මේ ආයතනයේ තියෙන වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ. මේවා ඩිජිටල්කරණය සඳහා යොමු කරන්න ඕන.ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා  මාස තුනක් ඇතුළත දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම,  ආසන වෙන්කර ගැනීම යනාදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න. ඒ වගේම බස් ගාස්තුවට වඩා 1/3 අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඒ අනුව ගාස්තු සංශෝධනය කළ යුතු වෙනවා. මේ දෙපාර්තමේන්තු ක්‍රමය යටතේ තීන්දු තීරණ ගැනීමට විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි කැමති වුනත් නැතත් මේ දෙපාර්තමේන්තුගත ක්‍රමයෙන් අපි බැහැර විය යුතුයි මේ ආයතන කාර්යක්ශමව පවත්වාගෙන යෑමට නම්. මෙය අධිකාරියක් බවට පත් කිරීම සඳහා 2001/ 02  වර්ෂවල පනතක් හදලා තිබුණා, එය අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න වෘත්තීය සමිති වලට සහ අදාළ බලධාරීන්ට ලබා දෙනවා. "

Latest