ජාත්‍යන්තර ගණුදෙනු වලදී මේ වන විට භාවිතා වන පොදු මුදල් ඒකකය වන ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් හඳුන්වා දීමට බ්‍රික්ස් සමුළුව යෝජනා කර තිබේ.
එය සිදුකළ යුතු බවටයි ඒ ගැන අදහස් දක්වමින් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ද අවධාරණය කර තිබෙන්නේ.
“සෑම දිනකම මම හිතනවා. සියලුම රටවල් වෙළෙඳ කටයුතුවලට ඩොලරය සමග බැඳී ඉන්න ඕනේ ඇයි කියන එක ගැන. ඇයි අපිට අපේම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න බැරි. ඇයි අපිට අලුත් මුදල් ඒකකයක් ගොඩනගන්න බැරි. රටවල්වල ගැටලු විසඳන්න පුළුවන් මුදල් ඒකකයක් අපිට තියෙන්න ඕනේ. සියලුම රටවලට අපනයන කටයුතුවලට ඩොලරය පසුපස දුවන්න සිදුවෙලා තියෙනවා. තමන්ගේම මුදල් ඒකකයක් තියෙනවා නම් ඒ රටවල මහ බැංකුවලට ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. BRICS වගේ බැංකුවලට බ්‍රසීලය සහ චීනය අතර ගණුදෙනුවලට අලුත් මුදල් ඒකකයක් ගොඩ නගන්න බැරි ඇයි. හැම කෙනෙක්ම එක මුදල් ඒකකයකට කොටු වෙලා නිසා ඒක කරන්න අමාරුයි තමයි. හැබැයි අපි ඒක වෙනස් කරගන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ”
එළඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හී දී බ්‍රික්ස් සමුළුව පැවැත්වීමට නියමිත අතර මේ වන විට ලොව ගණුදෙනුවලින් ඩොලරය සැලකිය යුතු ලෙස පහළ යමින් තිබෙන අතර එය මීට වසර 10කට පෙර 80%මට්ටමේ තිබුණ නමුත් මේ වන විට 53% දක්වා පහළ බැස තිබේ.