Skip to content

කැප්ටන් ඩෝසන් කුළුණ බොල් වෙයිද ?

අපේ රටේ පුරා විද්‍යාත්ම වටිනාකම් සහිත ස්ථාන ගණනාවක් තිබෙන නමුත් ඒවා දවසින් දවස විනාශ වෙමින් පවතිනවා. අලුත්වැඩියා කිරීම සිදු වෙන්නේ එහි වටිනාකම් බොහෝ සෙයින් විනාශ විමට ඉඩ හැරිමෙන් පසුවයි. එවැනි සමහර ස්ථාන විනාශ වෙන්නට ඉඩ හැර කන් නොවසුනා මෙන් වගකිව යුත්තන් බලා සිටි. අද එහි ගිය අපට සිතුනේ මෙම ස්ථානය මොන තරම් වටිනාකමක් සහිත ස්ථානයක් ද යන්නයි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවේ පිහිටි කැප්ටන් ඩෝසන් සිහි වීමේ ඩෝසන් කුළුණ නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශ විමේ අවදානමක ඇතැයි එය නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයෝ පවසයි. කොළඹ නුවර මාර්ගය සකස් කර පුරෝගාමීයා වු කැප්ටන් ඩෝසන් සිහිවීම පිණිස එවකට ආණ්ඩුකාර  ව සිටි එඩ්වට් බානස් මහතාගේ අනුමැතිය ඇතිව මෙම ඩෝසන් කුළුණ සකස් කර ඇත.
උසින් මිටර් 13.5 ක් වන මෙම ඩෝසන් කුළුණ ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. දැනට මෙම කුලුන පුරා විද්‍යා ස්මාරකයක් හැටියට වෙන්කර තිබුනද මේ වන විට කිසිදු නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් යන අතර එම කුළුණේ අලේප කර ඇති තින්ත ගැලවෙමින් කපුටු බෝ ඇතුලු ශාක එහි පැලවි ඇත.
නමුත් මෙම ස්ථානය නිසි ලෙස සංවර්ධනය කොට පුරාවිද්‍යා නිලධාරීන් හෝ වගකිව යුතු කණ්ඩායමක් යොදවා මෙය නැරඹිමට අවස්ථාව දෙස් විදෙස් සංචාරකයන්ට ලබා දෙන්නේ නම් රජයට ඒ මගින් විශාල අදායමක් ලබා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම එම කුළුණේ නැගීමට අවශ්‍ය එහි ඇති යකඩ පඩි පෙල් සහ අත්වාරු යනආදිය සවි ශක්තිමත් ලෙස නඩත්තු කර යුතුව ඇත. එමෙන්ම කුළුණේ ඇතුලත විදුලියද ස්ථාපනය කර යුතු අතර ඒ සියලු කටයුතු සම්පුර්ණ කර මෙම ඓතිහාසික ස්ථාන වලින් ප්‍රයෝජන ලබා ගත හැකි වෙයි.
සමහර අය පවසන්නේ මෙම කුළුණට නැග දුරේක්ෂයකින් බලන විට මහ මුහුද පෙනෙන බවයි. එපණක්ද නොව කඩුගන්නාව දුම්රිය ස්ථානය සහ අවට සුන්දරත්වය මෙම කුළුණට හොඳින් පෙනෙන ලෙස සුන්දර ස්ථානයක ස්ථාපනය කර ඇත.

වල් පැලවි ඇති ඩෝසන් කුළුණ

Latest