Skip to content

ධවල මන්දිරයේ තිබුනේ කොකේන්දැයි පරික්ෂණයක්

ධවල මන්දිරයේ තිබී සුදු පැහැති වර්ණයෙන් යුතු කුඩු වර්ණයක් සොයාගැනීමත් සමඟ ආරක්ෂක අංශ විසින් විශේෂ පරික්ෂණයක් අරඹා ඇති බවට එරට මාධ්‍ය විසින් වාර්ථ කරයි.

මෙසේ හමු වූ සුදු පැහැති කුඩු වර්ගය හේතුවෙන් ධවල මන්දිරයේ කාර්යමණ්ඩලයද යම් කාලයකට ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබූ අතර මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාවද මෙය බවට වාර්ථා වෙයි..

එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් මෙම සුදු පැහැති ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම් ඔත්තු සේවා විසින් වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ද්‍රව්‍ය කොකේන් සඳහා ධනාත්මක ප්‍රතිඵල වාර්තා කරන බවටය.

ධවල මන්දිරයේ පුස්තකාලයක්  තුළ තිබී සොයාගෙන ඇති මෙම සුදු පැහැති කුඩු වර්ගය කව්රුන් විසින් රැගෙන එන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ඒ පිළිබඳව විශේෂ පරික්ෂණයක් ඛ්ණඩායම් කිහිපයක් විසින් ආරම්භ කොට ඇත.

මෙම සිදුවීම වනවිට ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරය තුළ සිට නොමැති අතරම ධවල මන්දිරයට පැමිණි සහ පිටවී ගිය අය පිලබඳව මේ වන විටත් වාර්ථාවක් ලබාගෙන පරික්ෂණ අරඹා ඇත.

Latest