Skip to content

නියඟය ගැන කිව්වේ නැත්තේ ඇයි? ඇමති අමරවීරගෙන් නිලධාරීන්ට දොස්මුර!

මෙවර යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබියදී  ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවට ගොවි ජනතාව දැනුවත්කර නොතිබිමේ වගකීම ඊට අදාළ සියලු අංශ විසින් භාරගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම නියඟය හා ජල හිඟය සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් නොකිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශ භාර  ගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

නියං තත්ත්වය ගැන නොදැන ගොවි ජනතාව විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කිරිමට පියවර ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊට විශාල මූල්‍ය සහනාධාරයක් පොහොර සැපයීම වෙනුවෙන් එම ජනතාවට ලබාදීමට පියවර ගැනීම තුළ රජයට ද විශාල පාඩුවක් සිදුව ඇති බවයි අමරවීර මහතා පවසන්නේ.

මේ වන විට නියං තත්ත්වය  හේතුවෙන් ඇඹිලිපිටියේ ප්‍රදේශ රැසක ගොවිතැන් වින්ශයට යමින් තිබෙන අතර ජලය මුදාහැරිමේදී බරපතල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබෙන අතර ජනතා විරෝධයන්ද උත්සන්න වී ඇති අබව වාර්තා වෙයි.

Latest