Skip to content

කව්ද මේ ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක්.


අගෝස්තු 23 වැනි බදාදා උදෑසන සිම්බාබ්වේ හිටපු නායක හීත් ස්ට්‍රීක්ගේ Heath Streak අභාවය පිළිබඳ වැරදි සහගත පුවතක් අන්තර්ජාලය පුරා පැතිරීමත් සමඟ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අවුල් සහගත විය. නමුත් පැය කිහිපයකට පසු ඔහුගේ හිටපු සගයෙකු වූ හෙන්රි ඔලොන්ගා Henry Olonga took ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවත් තහවුරු කළේය.
සියලු ව්‍යාකූලතා මධ්‍යයේ ස්ට්‍රීක් Streak සමාජ මාධ්‍ය වේදිකාවල අවධානයට ලක්විය.

ඉතින් ඇත්තටම ස්ට්‍රීක් Streak කවුද සහ ඔහු සිම්බාබ්වේ ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සලකන්නේ ඇයි?

ඔහු 1974 මාර්තු 14 දින බුලවායෝ හි උපත ලද ස්ට්‍රීක්ට ඔහුගේ පියා ඩෙනිස් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ බැවින් ඔහුගේ පවුල තුළ ක්‍රිකට් උරුමයක් තිබුණි.
ඔහු සුවීශේෂි තුන් ඉරියව් ක්‍රීඩකයෙකුවූ අතර ස්ට්‍රීක් Streak පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දක්ෂ වූ අතර එමඟින් සිමිබබිවේට විශාල සේවයක් කිරිමට සමත් විය.

ස්ට්‍රීක් Streak 1993 දී දේශීය තරඟාවලියට සිය මංගල තරගය මුහුණ දුන් අතර එම වසරේම ඔහු ජාත්‍යන්තර තරඟාවලියට පිවිසියේය.
1996 ලෝගන් කුසලානයේ Logan Cup දී ඔහුගේ පියා ඔහු දෙදෙනාම Matabeleland Country Districts වෙනුවෙන්  එකම තරඟයක ක්‍රීඩා කළහ.
සිම්බාබ්වේ ගෘහස්ථ ක්‍රිකට් තරඟාවලියේ පියෙකු සහ පුතෙකු යුගලයක් එකම තරඟයක එක්ව ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි.කෙසේ වෙතත් යුගලයට අනුශූරතා ස්ථානයකින් සෑහීමට පත් වීමට සිදු විය.
ඉන් පසුව ඉදිරි වසර වලදී සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම සහ වැටීමේ කේන්ද්‍රීය චරිතයක් බවට හීත් ස්ට්‍රීක් Streak පත් විය,
ඔහු සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දියාවට සහ පකිස්ථානයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ කරා ගෙන ගියහ.එවාගේම 2003 එක්දින ලෝක කුසලානයේ සුපර් සික්ස් අදියර දක්වා කණ්ඩායම මෙහෙයවීමට සමත් විය
සිම්බාබ්වේ රට ඉහළ දේශපාලන ආතතීන් අර්බුද පැවතීයද  සිම්බාබ්වේ 1997 සිට 2003 දක්වා දැවැන්ත ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ ස්ට්‍රීක් Streak දෙවරක් නායකත්වයට පත් කරන ලදී,පළමුව 2000 දී සහ පසුව නැවතත් 2002 දී නායකත්වය සඳහා ඔහු පත් කළහ.ඔහු ටෙස්ටි තරග  හතරක් ජයග්‍රහණ දක්වා කණ්ඩායම මෙහෙයවන අතර වඩාත්ම සාර්ථක නායකයා ලෙස හදුන්වයි.
ඔහු ජාතික කණ්ඩායමෙන් නෙරපා හැරීමට පෙර 2004 වසරේ ICC වසරේ එක්දින ක්‍රීඩකයා සඳහා නම් කරන ලදී.

2005 දී වයස අවුරුදු 31 දී විශ්‍රාම යන බව ප්‍රකාශ කළේය.පසුව වසර දෙකක කොන්තරාත්තුවක් සදහා අත්සන් කොට වෝක්ෂයර් Warwickshire හි නායකයා ලෙස පත් කරන ලද නමුත් 2007 නායකත්වයෙන් ඉවත් විය.ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් වෙත නැවත පැමිණීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකළද 2008 මුලදී ඔහු අත්සන් කළ ඉන්දීය ක්‍රිකට් ලීගය සමඟ ඔහුගේ ගිවිසුම ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය සනිටුහන් කළේය.2009 දී ඔහු සිම්බාබ්වේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කරන ලදී.
ටෙස්ට් කඩුලු 100කට වඩා සහ එක්දින කඩුලු 200කට වඩා ලබාගත් එකම සිම්බාබ්වේ පන්දු යවන්නා ලෙස ස්ට්‍රීක් Streak තවමත් රැඳී සිටියි.ඔහු 2000 දී සිම්බාබ්වේ නායකත්වය දැරුවේ සිම්බාබ්වේ පාලක මණ්ඩලය සහ කණ්ඩායම අතර අර්බුද නිසා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ අවස්ථාවකය.
ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ස්ට්‍රීක් Streak ටෙස්ටි තරග 65කට ක්‍රීඩා කර කඩුලු 216ක් දවා ගත්තේ 2.69ක සමාන්‍යයක් සමඟිනි.ටෙස්ටි තරග වලදි පන්දුවට පහර දීමේදි ලකුණු 1,990 රැස් කළේ සාමාන්‍ය 22.35 ක් ලෙසිනි.
එක්දින ආකෘතියේදී ස්ට්‍රීක්  Streak තරඟ 189 කදී කඩුලු 239 ක් දවාගෙන 4.51 ක සමාන්‍යයක් පවත්වාගෙන ඇත.එවාගේම එක්දින තරගවලදි පන්දුවට පහර දීමේදි ලකුණු 2,943ක් රැස් කොට 28.29 සමාන්‍යයක් පවත්වාගෙන ඇත.ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 5-32 විය.

Latest