Skip to content

රන් දේව පිළිමය බස්එකෙන් අරන් ගියේ කොහෙද.

මන්නාරම ප්‍රධාන පාලම ආස්නයේදී යොදවා ඇති පොලිස් සහ යුදහමුදා මාර්ග බාධකයේදී ඊයේ (07) සවස සිදුකල සෝදිසියකදී රන් දේව පිළිමයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම සිට නුවර දක්වා ධාවනය වන බස්රථයක නිධානයකින් ගත් රන් දේව පිළිමයක් රැගෙන යන බවට මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව මාර්ග සෝදිසි බාධකයේ සේවයේ නිරත න‍ිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දී අදාල බස්රථයේ සිදුකරන ලද සෝදිසියකදී මෙම රන් පිළිමය හමුවිය.

එහිදී බෑගයක ඔතා බස්රථයේ මගී බෑග් රඳවනයේ සඟවා තිබියදී අදාල රන් පිළිමය සොයාගත් අතර රන් පිළිමය රැගෙන ගිය බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් එක් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.

එහිදී සැකකරුවන් විසින් අදාල රන් පිළිමය නිධානයකින් ගෙන වෙනත් ප්‍රදේශයකට විකිණීම  සඳහා රැගෙන යමින් සිටි බවට තොරතුරු ලැබී ඇති අතර අදාල පිළිමය ගැනුම්කාර පාර්ශවයන් කව්රුන්දැයි යන්න පිළිබඳව සෙවීමටද මේ වන විට පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Latest