Skip to content

පොලිස්පති කෝ ? ඩලස් අගමැතිගෙන් අසයි.

රටේ 35 වන පොලිස්පතිවරයාගේ ඉවත්වීමෙන් පසුව 36 වන පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ඉතිහාසයේ නොවූ අයුරින් ප්‍රමාදයක් සිදුවීම බරපතල  නීතියේ ආදිපත්‍ය නොසලකා හැරීමේ ගැටලුවක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (07) දින පාර්ලිමේන්තුවේදී ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

ඉතිහාසයේ පළමුවතාවට දින 12 ක් පොලිස්පතිවරයෙක් නැතුව තමයි මේ රටේ සිවිල් පරිපාලන කටයුතු සිදුවෙන්නේ. මේ කාලය තුලදී ත්‍රස්තවාදියක් නැතත් වැඩිම ඝාතනයන් ප්‍රමාණයක් සිදුවන කාලවකවානුවක් හැටියට වාර්ථා වෙලා තියනවා. මේක බරපතල තත්වයක්. මම අහන්නේ මොකද්ද මේකට හේතුව. ඇයි ජනාධිපතිතුමා මේ නම් නිර්දේශ කරලා ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දෙන්නේ නැත්තේ. නීතියේ පූර්වාදර්ශයක් දිය යුතු රටක මේක බරපත තත්වයක්.එන්සා මම ගරු කතානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමන් නම නිර්දේශ කරන තුරු බලා සිටින්නේ නැතුව ජනාධිපතිතුමන්ගෙන් අහලා හෝ ඉදිරි පැය 48 ඇතුලත තීරණයක් ගන්න කියලයි අපි කියන්නේ.

එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේස් ගුණවර්ධන මහතා පවසා සිටියේ,

‘ජනාධිපතිවරයාට ඇති බලතල අනුව ඉතා ඉක්මනින් පොලිස්පතිවරයා පත්කරනු ලබයි. දැනට රටපරා අවශ්‍ය සේවාවන් සියලු කටයුතු  දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පවත්වාගෙන යයි. ඒ ගැන කව්රුත් බියවිය යුතු නැහැ. යනුවෙනි.

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ,

අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා ඉතා ඉක්මනින් පොලිස්පතිවරයා පත්කරනවා කියලා. හැබයි ඔබතුමා දන්නවා ඒ පත්කිරීම ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කරලා ඉන් සනාථ වෙන්න ඕන ඒ ව්‍යවස්ථාදායක සභාවේ ඔබතුමත් ඉන්නවා මමත් ඉන්නවා අග්‍රාමාත්‍යතුමත් ඉන්නවා. සභාව හමුවෙන්න තීරණය කරල තියෙන්නේ ලබන සතියෙත් නෙමෙයි ඊලඟ සතයේ, යනුවෙනි.

නැවතත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසා සිටියේ,

‘නව පොලිස් පතිවරයා පත්කිරීමේ ප්‍රමාද ගැටලුව පිළිබඳව තිබෙන අභ්‍යන්තර කතාව ගැන හොයන්න නෙමෙයි අපි මේ හදන්නේ, කුනු රෙදි හෝදන්න නෙමෙයි අපි මේ හදන්නේ මේක දේශපාලන ගැටලුවකට එහා ගිය බරපතල නීතියේ ආධිපත්‍යට බලපෑ ප්‍රශ්නයක් වෙලා. යනුවෙනි.

Latest