යාපනය දූපත් අතර මගී ප්‍රවාහනයේදී ප්‍රසිද්ධයට පත් මගී සේවයක් වූ කුමුදිනි මගී ප්‍රවාහන සේවය සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි යාපනයේ මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කූරිකට්ටුවාන් ජැටියේ සිට නෙඩුන්තීව් අතර මගී ප්‍රවාහනයේදී කුමුදිනු මගී ප්‍රවාහන යාත්‍රාව දැඩි අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාවට යාපනය වැල්වැටි තුරෙයි ජැටි ප්‍රදේශයට ගාල් කොට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට මාර්ග සංවර්ධන අධිකාරයි පියවර ගන්නා ලදි..
කුමුදිනි මුහුදු මගී පවාහන සේවය අහිමි වීමෙන් සාමාන්‍ය ජනාවට මෙන්ම කාර්යාල සේවකයින්ටද දූපත් අතර ගමනාගමනයේදී දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය.
කෙසේ වෙතත් මාස 3 කට වැඩි කාලයක් වැලිවැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රතිසංස්කරණය කෙරුනු කුමුදිනි මගී ප්‍රවාහන යාත්‍රාව තාක්ෂණික කටුයුතු සඳහා පරික්ෂා කොට ඉන් අනතුරුව මගී ප්‍රවාහනය සඳහා යොමු කරන අතර යාත්‍රාව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 70 ක් පමණ වැයකල බවද යාපනය මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.






කුමුදිණි යාත්‍රාව ප්‍රතිසංස්කරණය කොට අවසන් වීමෙන් පසුව මුහුදට රැගෙන යාමේ අවස්ථාව පොංගල් උත්සවයක් පවත්වා චාරිත්‍රානු කූලව රැගෙන යාමටද හින්දු ජනතාව පියවර ගෙන තිබුණි.