Skip to content
TechStyle

WhatsApp වෙත Chat Lock පහසුකමක්

ළගදීම WhatsApp සදහා "Chat Lock" පහසුකමක් හදුන්වාදීමට නියමිත බව ඊයේ (මැයි 15) Mark Zuckerberg විසින් දැනුම් දුන්නා.

ඒ අනුව ඔබට අවශ්‍ය Chats, lock කිරීමෙන් අනතුරුව ඒවා වෙනම ෆෝල්ඩරයකට ඇතුල්වන අතර එතුළට පිවිසීමට නම් ඔබ විසින් යොදාඇති ඇගිලිසලකුණ වැනි Biometric දත්ත හෝ මුරපදය ලබාදිය යුතුයි.

Lock කරන ලද Chats වලින් පැමිණෙන Notifications, පිටතට දර්ශනය වීම සිදුනොවේ.

ඉදිරියේදී දුරකතනයේ මුරපදය වෙනුවට අදාළ ෆෝල්ඩරය විවෘත කිරීම සදහාම ආවේණික වූ මුරපදයක් යෙදිමට හැකිවනු ඇතැයි වැඩිදුරටත් සදහන්. මෙම නවීකරණය, අපගේ සංවාදවල ආරක්ෂාකාරී බව ඉහළ නංවන අමතර ස්ථරයක් ලෙස ක්‍රියා කරනු ඇති.  

Latest