Skip to content

යාපනයේ සිසුවියන්ගේ ආරක්ෂාවට එන WhatsApp

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම් බාලික විදුහල්හි සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් WhatsApp මෘදුකාංගය ඔස්සේ සම්බන්ධ කිරීමේ වැඩසටහනක් යාපනය පොලීසිය විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතාගේ උපදෙස් පරිදි යාපනයේ සියලු පොලිස් ස්ථාන වෙතට දැනුම්දී පොලිස් නිලධාරීන් මාර්ගයෙන් බාලික පාසල්හි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරමින් WhatsApp Group නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී සෑම පාසලකම පංතිබාර ගුරුවරයා විසින් අදාල WhatsApp Group පාලනය සිදුකල යුතු අතරම සියලුම ශිෂ්‍යාවන් අදාල Group හරහා සම්බන්ධ කරගැනීමටත් ශිෂ්‍යාවන් නොමැති නම් දෙමාපියන් හෝ අදාල Groupයට සම්බන්ධ කිරීමට පියවර ගෙන ඇති අතරම WhatsApp Groupයට තොරතුරු හුවමරුව පිලිබඳව දෙමාපියන්ගේ අධික්ෂණයෙන්ද ක්‍රියාත්මක වෙයි.

මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපය තුලදී යාපනය බාලික පාසල්හි සිසුවියන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුවූ බාධාවන් හා විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිළි හා සිදුවීම් සැලකිල්ලට ගනිමින් බවට යාපනය පොලීසිය පවසයි.

එමෙන්ම පාසල් සිසුවියන් නිවසින් පාසල්ට පැමිණීම නියමිත් වෙලාවන්වලට නිවසට ආපසු ඒම දක්වා කාලය තුල අවශ්‍ය කෙරෙන තොරතුරු අදාල Group හරහා දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් හුවමාරු කරගැනීමට හැකියාව පවතින අතරම එමගින් ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම ප්‍රධාන අරමුණ වී ඇත.

මේ අතර පාසල් සිසුවියන් පාසල් වෙතට රැගෙන එන බස් ඇතුලු වාහනවල සියලුම රියදුරන්ගේ තොරතුරුද පොලිස් ස්ථාන මගින් රැස්කරගන්නා ලෙසටද නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

Latest