Skip to content

ඇත්තටම අපි දන්නේ මොනවාද?

මේ කොළ පාට.

මේ රතු පාට.

ඒ වගේම මේ නිල් පාට.

නමුත් ඔබ නිල් පාට ලෙස දකින දේ මා නිල් පාට ලෙස දකින දෙයට සමාන බව ඔබ දන්නේ කෙසේද?

අප අතර මේවා සන්නිවේදනය කිරීමට සහ නම් කිරීමට ක්‍රමයක් ලබා දීමට අපි මේවා වර්ණ නම් කර ඇත. නමුත් යථාර්ථයේ දී, ඔබ දකින දෙය වෙනත් පුද්ගලයෙකු දකින දෙයට සමාන බව දැන ගැනීමට ක්‍රමයක් නොමැත. සත්ව විශේෂයක් ලෙස අප විසින් සිදු කර ඇති දේ බොහොමයක් වුවද පෘථිවිය, ජීවය සහ මිනිස් තත්වය ගැන අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. අප නොදන්නා බොහෝ දේ තවත් ඇත.

2015 පෙබරවාරි 26 වෙනිදා, එක් ඇඳුමක පින්තූරයක් නිසා අන්තර්ජාලය භාවිතා කරන්නන් දෙකට බෙදීම සිදු විය. සමහරු එම ඇඳුමක රන් සහ සුදු ලෙස දුටු අතර තවත් සමහරු එම ඇඳුමක නිල් සහ කළු ලෙස දුටුවේය. මෙම අත්හදා බැලීම අපට මතක් කර දෙන්නේ ඔබටත් මටත් එකම දේ දැනෙන බව පැවසීමට ක්‍රමයක් නොමැති බවයි. මම රතු ලෙස හඳුන්වන්නේ ඔබ නිල් ලෙස හඳුන්වන දෙය විය හැකිය.

පෘථිවියේ මතුපිටින් 71% ක් ජලයෙන් වැසී ඇත. මිනිසුන් සෑදී ඇත්තේ 60% ක් පමණ ජලයෙනි. ඒ වගේම අර්තාපල් වල 80%, කොමඩු වල 93% සහ පිපිඤ්ඤා වල 95% ජලය ඇත. පෘථිවියේ ජීවය සඳහා ජලය අත්‍යවශ්‍ය බව ඉතා පැහැදිලිය. නමුත් අපි ඇත්ත වශයෙන්ම ජලය ගැන එතරම් දන්නේ නැත. ඇත්ත වශයෙන්ම, අපි ගවේෂණය කර ඇත්තේ පෘථිවි සාගරවලින් 5% සිට 10% දක්වා පමණි.

ඉතිරිය, එහි පහළින් ඇති දේ දන්නේ කවුද?

සාගර පතුලේ ඇත්තේ කුමක්ද?

බොහෝ දුරට, අපි දන්නේ නැත.

සත්ව විශේෂයක් ලෙස මනුෂ්‍යත්වය කෙසේ වෙතත්... හොඳින් අපි අප වෙනුවෙන් හොඳින් කටයුතු කර ඇත. අපව ඉදිරියට තල්ලු කිරීමට අප යමක් නිර්මාණය කරයි. කාලගුණය කටුක වූ විට අපි ඇඳුම්, අපට විවේක ගැනීමට, සුවය ලැබීමට සහ වන සතුන්ගෙන් ආරක්ෂිතව සිටීමට නවාතැන්, ආහාර සඳහා දඩයම් කිරීමට ආයුධ, පිරිසිදු භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල් ආදිය අපි නිර්මාණය කර ගෙන ඇත.

නමුත් ගින්දර ගැන කුමක් කිව හැකිද?

ගින්දර යනු මිනිසා විසින් සිදු කර "සොයාගැනීමක්" හෝ "නිපදවීමක්" ද?

සංගීතය?

සංගීතය විද්‍යාඥයින් විසින් විස්තර කර ඇත්තේ මිනිසුන් විසින් සාපේක්ෂ වශයෙන් මෑත කාලීන සොයා ගැනීමක් ලෙසයි. අපගේ මුතුන් මිත්තන්ට එකිනෙකාට සමීප වූ සමාජයක් එක් කිරීමට සංගීතය උපකාර වූ බව විශ්වාස කෙරේ.

නමුත් ඇත්තටම සංගීතය නිර්මාණය කළේ මිනිසුන්ද?

එසේත් නැතිනම් සමහර ශබ්ද වෙනත් ශබ්ද සමඟ හොඳින් ඇසෙන බව අපි සොයා ගත්තාද?

කුරුල්ලන් ගායනා කරයි. තල්මසුන් ගායනා කරයි. ගස් ගෙම්බන් ඛට පවා සමහර අවස්ථාවලදී ලස්සන පොහොසත් ගායනයක් ඇත.

ඉතින් ඇත්තටම සංගීතය සොයා ගත්තේ මිනිසාද?

අපි එසේ කළා නම්, සංගීතය පිළිබඳ සැබෑ නිර්වචනය කුමක්ද?

මම සිතන ආකාරයට මේ පිළිබද සත්‍යය අපිට කවදාවත් දැන ගැනීමට නොහැකිය.

මිනිසාගේ ශ්‍රේෂ්ඨතම නව නිපැයුම් ලැයිස්තුවේ උඩින්ම සිටින්නේ උපකරණ (Tools) විය යුතුය. ඇත්ත වශයෙන්ම, දිගු කලක් තිස්සේ විද්‍යාඥයන් විශ්වාස කළේ උපකරණ භාවිතය බොහෝ දුරට අපව මිනිසුන් බවට පත් කළ බවයි. එවැනි විවිධ උපකරණ භාවිතයෙන්, ඉතා ඉක්මනින් ප්‍රසාරණය වීමට හා වර්ධනය වීමට හැකි වූ එකම සත්වයා අපි පමණි.

ඔබට එය විශ්වාසද?

මෙවලම් භාවිතා කරන්නේ අපි පමණක් නොවේ. ඇත්ත වශයෙන්ම, බොහෝ සතුන්, ප්‍රධාන වශයෙන් ප්‍රයිමේට් විසින් විවිධ හේතු සඳහා මෙවලම් භාවිතා කරයි. අප්‍රිකානු චිම්පන්සියන් පිළිබඳව ජේන් ගොඩල් විසින් කරන ලද අධ්‍යයනයකින් මිනිසාගේ මෙම නිර්වචනය සදහටම වෙනස් වී ඇත. මෙම පර්යේෂණයේ දී, චිම්පන්සියන් ආහාර රැස් කිරීම, දත් මැදීම සහ තවත් බොහෝ දේ සඳහා මෙවලම් භාවිතා කරන බව සොයා ගන්නා ලදී.

ජේන් ගොඩල්

මෙයින් අදහස් කරන්නේ අපි දැන් මිනිසා යනු කවුද යන්න නැවත අර්ථ දැක්විය යුතුද?

නැති නම් අපි චිම්පන්සියන් ද මිනිසුන් ලෙස පිළිගත යුතුද?

මෙය ප්‍රශ්නයක් නිර්මාණය කරයි

අපව මිනිසුන් කරන්නේ කුමක් ද?

එම පර්යේෂණයේදීම, චිම්පන්වරුන්ට තනි පුද්ගල පෞරුෂයක් ඇති බවත්, හැඟීම් සහ දුක වැනි තාර්කික චින්තනයේ හැකියාව ඇති බවත් සොයා ගන්නා ලදී. ඔවුන් පිටට තට්ටු කර, වැළඳ ගැනීම්, හාදු දීම සහ හුදෙක් විනෝදය සඳහා එකිනෙකා සමඟ පටලවා ගැනීම සිදු කරයි. ඔවුන් පවුලේ සාමාජිකයන් සමඟ සහ ඔවුන්ගේ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් සමඟ ආදරණීය බැඳීම් ගොඩනඟා ගත් අතර, මෙම බැඳීම්වලින් සමහරක් වසර 50 කට වැඩි කාලයක් පැවතී ඇත.

චිත්තවේගයන්, තාර්කික චින්තනය සහ ආදරණීය ක්‍රියා මිනිසුන්ට පමණක් සුවිශේෂ දෙයක් නොවන්නේ නම් අපව මිනිසුන් කරන්නේ කුමක් ද?

අතීතයේදී සිතුවේ මිනිසුන් යනු ස්වයං අවබෝධය ඇති එකම සත්වයා බවයි. කෙසේ වෙතත්, පසුගිය වසර තිහ තුළ එසේ ස්වයං අවබෝධය ඇති තවත් බොහෝ සතුන් ද සිටින බව පුළුල් පර්යේෂණවලින් ඔප්පු වී ඇත. ඇත්ත වශයෙන්ම, 2012 දී, ස්නායු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කෙරූ විඥානය පිළිබඳ කේම්බ්‍රිජ් ප්‍රකාශයේ (Cambridge Declaration on Consciousness) සදහන් කරන්නේ මෙසේය.

“විඥානය ජනනය කරන ස්නායු උපස්ථර හිමිකර ගැනීම සම්බන්ධයෙන් මිනිසුන් අද්විතීය නොවේ. සියලුම ක්ෂීරපායින් සහ පක්ෂීන් ඇතුළු මිනිස් නොවන සතුන් සහ බූවල්ලා ඇතුළු තවත් බොහෝ ජීවීන් හට මෙම ස්නායු උපස්ථර හිමි වේ."

විඥාණය, සංවේදනය, අවදිවීම සහ දැනීමේ සහ අත්විඳීමේ හැකියාව මිනිසුන්ට පමණක් සුවිශේෂ දෙයක් නොවන්නේ නම් අප මිනිසුන් කරන්නේ කුමක් ද?

අපි ඇත්තටම දන්නේ නැත.

අප ඉපදීමට පෙර සිදුවූයේ කුමක්දැයි අපි දන්නේ නැත. අප මිය ගිය පසු කුමක් සිදුවේදැයි අපි දන්නේ නැත. පුද්ගලයෙකු මිය ගොස් නැවත ජීවිතයට පැමිණියහොත්, එය මරණයට ආසන්න අත්දැකීමක් (NDE) ලෙස හැඳින්වේ.

අපි මරණය අවසාන දෙයක් ලෙස දකින අතර එය එසේ නොවේ නම්?

මනුෂ්‍ය වර්ගයාගේ බොහෝ ආගම්වල ඇති එක් විශ්වාසයක් වන මරණින් පසු ජීවිතය සත්‍ය නම්?

පෘථිවිය පවා ඉතා අමුතු විය හැකි අතර, සමහර විට, ඔබ කිසිදු තේරුමක් නැති හැඩතල දැකීම පවා සිදු වේ.

හරියට, Stonehenge එක හැදුවේ කවුද සහ ඇයි?

ඉක්මන් ගූගල් සෙවුමක් මගින් ඔබ සොයා ගනු ඇත. බිලි පූජා සඳහා ප්‍රාග් ඓතිහාසික මිනිසුන් වූ ඩෘයිඩ්වරු ඔවුන්ගේ මළවුන්ගේ ආදාහනය කරන ලද දේහයන් භූමදාන කිරීමට එය නිර්මාණය කර බවයි. නමුත් සමහරුන් විශ්වාස කරන්නේ මිනිසුන්ට එවැනි දෙයක් තනිවම කළ නොහැකි බවයි. යථාර්ථයේ දී, අපි ඒ පිළිබදව සත්‍යය දන්නේ නැත.

පිරමිඩ වලත් එය එසේමය. සමහර අය සිතන්නේ ඊජිප්තුවේ දෙවිවරුන් පිරමීඩ සෑදූ බවයි. තවත් සමහරු එය මිනිස් උත්සාහයෙන් සෑදූ බව විශ්වාස කරති. නමුත්, ඇත්ත වශයෙන්ම, අපි දන්නේ නැත.

මිනිස් මනස යනු සියල්ලයි. මිනිසාගේ ශ්‍රේෂ්ඨතම නව නිර්මාණ, න්‍යායන් සහ සොයාගැනීම් සියල්ල මිනිස් මනසින් පැමිණ ඇත. සැබෑ ලෝකයේ කවදා හෝ එය නිර්මාණය කිරීමට පෙර අපි මුලින්ම අපගේ මනසෙහි ඒ පිළිබද අදහසක් ඇති කර ගැනීම සිදු කරයි. නමුත් මනස කෙතරම් බලවත් දැයි අපි තවමත් දන්නේ නැත. ප්ලේසීබෝ එෆෙක්ට් එක අපට මේ පිළිබදව යම් දැක්මක් ලබා දෙයි.

වෛද්‍යවරු රෝගියෙකුට ප්‍රතිකාර ලබා දෙන බව පෙනේ, නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ නොකරයි. කෙසේ වෙතත්, මෙම "ව්‍යාජ ප්‍රතිකාරය" මනසේ මුල් බැස ගෙන, එය සැබෑවක් ලෙස වටහාගෙන සුව කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි. මූලික වශයෙන්, මනස ශරීරය සුවපත් කරන්නේ ශරීරයට වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබා දෙන බව සිතන බැවිනි.

සමාජ සංජානන සහ බලපෑම්කාරී ස්නායු විද්‍යාව (Social Cognitive And Affective Neuroscience) පිළිබඳ පර්යේෂණවලදී, ස්වයං-තහවුරු කිරීම ධනාත්මක ස්වයං දැක්මක් පවත්වා ගැනීමට සහ ඔබේ ස්වයං-නිපුණතාවය සහ ස්වයං-වටිනාකම යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන බව සොයා ගන්නා ලදී. සරලව ඔබටම ලස්සන දේවල් පැවසීමෙන්, ඔබ ඒ දේවල් බව ඔබේ මොළයට සහ ශරීරයට ඒත්තු ගැන්වීමට ඔබේ මනසට හැකිය. මේවා මනසට හැකියාව ඇති බව අප දන්නා දේවල් පමණි. අප මනස පිළිබද නොදන්නා සියල්ල ගැන සිතන්න.

සෑම දෙයක්ම අර්ථවත් නොවන අතර, අප සිතන තරම් අපි ඇත්ත වශයෙන්ම සෑම දෙයක් ගැනම දන්නේ නැත. අභ්‍යවකාශයට යාම මිනිසාගේ විශාලම ජයග්‍රහණවලින් එකකි. කෙසේ වෙතත්, අභ්‍යවකාශ ගවේෂණ මගින් අපට පැහැදිලිව පෙන්වා දී ඇත්තේ විශ්වය තුල අප කෙතරම් කුඩාද යන්නයි. අවම වශයෙන් වෙනත් සෞරග්‍රහ මණ්ඩල 2,500ක් සොයාගෙන ඇතත් එම සංඛ්‍යාව බිලියන දස දහස් ගණනක් දක්වා ඉහළ යා හැකි බව අපට නිශ්චිතවම දැනගත නොහැක. එය අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථයේ පමණක් වන අතර, ක්ෂීරපථය යනු විශ්වයේ ඇති බිලියන ගණනක මන්දාකිණි වලින් එකක් පමණි.

අප විශ්වයේ තනිවම සිටිනවාද?

අපි එසේ තනිවී නැතිනම් නම්, අපගේ විශ්වීය අසල්වැසියන් අපට හායි කියන්නට නොපැමිණියේ ඇයි?

අපට අදහස් ඇත. නමුත් සෑම විටම මෙන්, අපි සත්‍යය ලෙස දන්නේ නැත. අපට බොහෝ දේ ඔප්පු කළ නොහැක.

විශ්වය සැබවින්ම සෑදී ඇත්තේ කුමක් ද?

සියලුම පදාර්ථ සෑදී ඇත්තේ නොබෙදිය හැකි පරමාණු වලින් බව අපි දනිමු, නමුත් එසේ වන්නේ ඇයි?

පරමාණු පැමිණෙන්නේ කොහෙන්ද?

අප මිය ගිය විට, එම පරමාණු වලට හරියටම සිදුවන්නේ කුමක්ද?

මෙම අවස්ථාවේදී, ඔබ විනාඩි පහක් හෝ හයක් මෙම ලිපිය කියවීමට කාලය ගත කර ඇත. කිසිම දෙයක් සදහා කාලය කිසිදා නතර නොවේ. ඊයේ යනු අතීතය, අද යනු වර්තමානය, හෙට යනු අනාගතය බව අප කවුරුත් දන්නා දෙයකි.

නමුත් ඇත්ත වශයෙන්ම කාලය යනු කුමක්ද?

එය පැමිණෙන්නේ කොහෙන්ද?

ඊටත් වඩා ව්‍යාකූල දෙයක් වන්නේ, කාලය යනු මිනිසුන් විසින් “සොයාගත්” හෝ “නිපදවූ” දෙයක්ද?

ලෝකය පිළිබඳ අප නොදන්නා බොහෝ දේ ඇත. සමහර ඒවා අප කතා කළ වැනි ගැඹුරු ප්‍රශ්න වන අතර අනෙක් ඒවා ඊට වඩා සරල දේවල් විය හැකිය. මෙම ලිපිය කියවන විට ඔබට ඈනුමක් යනු ඇත. කෙනෙකු ඈනුමක් යවනවා දකින විට ඒ අසල සිටින පුද්ගලයාටද ඈනුමක් යෑම බොහෝ විට සිදු වේ.

එසේ සිදු වන්නේ ඇයි?

අප සතුටින් සිටින විට, අප සිනාසීම සිදු කරයි. අපි දුකෙන් සිටින විට, අපි හැඬීම සිදු කරයි.

නමුත් ඇයි?

දිගු කලක් තිස්සේ, සිනහව යනු අප දැනට සිදුවෙමින් පවතින දේ භුක්ති විඳින බව එකිනෙකාට පෙන්වීමට සමාජ මෙවලමක් බව විශ්වාස කෙරිණි. එය සමාජවල සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන පරිණාම මෙවලමකි (Evolution Tool). නමුත් එය එසේ නම්, සිනහව මිනිසුන් වන අපට හෝ අවම වශයෙන් ප්‍රයිමේටේ හට පමණක් අනන්‍ය විය යුතුය. නමුත් එය එසේ නොවේ. ඩොල්ෆින් සහ මීයන් වැනි අනෙකුත් සතුන් පවා සිනාසෙයි.

ඉතින් ඇත්තටම ඇයි අපි හිනා වෙන්නේ?

ඒ වගේම ඇයි අපි අඬන්නේ?

හැඬීමට චිත්තවේගීය සුව කිරීමේ බලයක් ඇති බව විශ්වාස කරයි. හැඬීම අපගේ පැරසයිම්පතටික් ස්නායු පද්ධතිය (Parasympathetic Nervous System) සක්‍රීය කරන අතර අපගේ ශරීර සාමාන්‍ය පූර්ණ ක්‍රියාකාරී තත්වයකට පත් කිරීමට උපකාරී වේ. එය ඔබේ ශරීරයට හොඳ දෙයකි.

එසේ නම් අපි එය එවැනි දුක්බර දේවල් සමඟ සම්බන්ධ කරන්නේ ඇයි?

අපි බොහෝ විට අඬන්නේ නරක දෙයක් සිදු වූ පසුව මිස එය සිදු වන විට නොවේ.

හැඬීම යනු චිත්තවේගීය වේදනාකාරී දේවල් සැකසීම සඳහා අපගේ මොළය සඳහා පමණක් පරිණාමය වූ ක්‍රියාවලියක්ද?

ඒත් අප සතුටුදායක හේතු නිසාත් හැඬීම සිදු කරයි. ඒ නිසා මම කියපු හැම දෙයක්ම අමතක කරන්න. ඇත්තටම ඒ ගැන මම දන්නේ නැහැ.

සමහර අයට දකුණත මෙන්ම අනිත් අයට දෙනෙක් වම් අත හුරු වන්නේ ඇයි?

අපට බොහෝ දේ සඳහා න්‍යායන් තිබිය හැකිය, නමුත් ඒවා න්‍යායන් ලෙස පවතී. ඇත්ත වශයෙන්ම, න්‍යායන් ස්වභාවධර්මයේ සත්‍යයක් ලෙස ඔප්පු කිරීම ඔබ සිතනවාට වඩා දුෂ්කර ය.

බොහෝ විද්‍යාත්මක න්‍යායන් කාලයත් සමඟ යල් පැන ගිය හෝ සරලව වැරදි ලෙස සැලකීම සිදු වේ. අප සිතා සිටියේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය කියාය. පසුව අපට වැටහුණේ එය එසේ නෙවෙයි කියාය. දෙවන ලෝක යුද්ධය තරම් මෑත කාලයේදී, ජර්මානුවන් පෘථිවිය හිස් ය (Hallow Earth) යන හැඟීම යටතේ යම් පෘථිවිය ගැන අදහසක් ලබා ගැනීමට උත්සාහ කළ බවට "න්‍යායක්" ඇත. එබැවින්, බොහෝ විට අප දැන් ලෝකය ගැන දන්නා සෑම දෙයක්ම වැරදි විය හැකිය.

අවංකවම, එය බොහෝ විට විය හැකිය. අපි සරලවම සෑම දෙයක් ගැනම දන්නේ නැත. එය එසේ වීම ප්‍රශ්නයක් නැත. අපට කළ හැක්කේ ප්‍රශ්න ඇසීම සහ අප අවට ලෝකය ගැන ඉගෙන ගැනීමය. එහි එක් එක් අභිරහස් එකින් එක හෙළි කිරීමට උත්සාහ කිරීමය. ඒ සියල්ලටම වඩා අපට ඇති වැදගත් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමය.

"මානව පැවැත්ම යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද?"

Latest