Skip to content

රබාත් ක්‍රියාකාරී සැලැස්මේ තිබෙන්නේ මොනවා ද?

ගෙවී ගිය මාසය පුරාම ශ්‍රී ලංකාවේ වඩාත් කතා බහට ලක් වූ නතාෂා එදිරිසූරිය හට මේ වනවිට මහාධිකරණය මඟින් ඇප ලබා දී ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳව ඔබ ඉතා හොඳින් දන්නා බැවින් ඒ පිළිබඳව තව දුරටත් විස්තර කිරීමට නොයමි.

මෙහිදී වැදගත් වන්නේ ඇයට ඇප ලබාදෙමින් මහාධිකරණය විසින් නිකුත් කළ ඓතිහාසික ප්‍රකාශයයි. එම ප්‍රකාශය තුළ අඩංගු වන්නේ ජාත්‍යන්තර සිවිල් ඓතිවාසිකම් පිළිබඳ සම්මුති පණතේ ( ICCPR ) 3 (1) යටතේ වරදක් සංතාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව මඟින් හඳුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදා ගැනීම සුදුවන බවය. එසේ නම් රබාත් ක්‍රියාකාරී සැලැස්මේ තිබෙන්නේ මොනවාද?

ප්‍රථමයෙන්ම එහි පසුබිම විමසා බලමු. ප්‍රකාශනයේ නිදහස සපයන සිවිල් සහ දේශපාලන ඓතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පණතේ 19 වන වගන්තිය සහ වෙනස්කොට සැලකීම, සතුරුකමට හෝ ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කිරීම යනුවෙන් සඳහන් වන 20 වන වගන්තිය අතර සමතුලිතතාවක් ඇති කිරීම රබාත් ක්‍රියාකාරී සැලැස්මේ මූලික අරමුණ වී ඇත.

2011 වර්ෂයේදී ඕස්ට්‍රියාව, කෙන්‍නියාව, තායිලන්තය සහ චිලී යන රටවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව මඟින් සංවිධානය කරන ලද කලාපීය විශේෂඥ වැඩමුළු හතරක ප්‍රතිඵල ඇතුලත් ලේකණය රබාත් ක්‍රිකාරී සැලැස්මේ මූලාරම්භය වී ඇත.

පසුව 2012 ඔක්තෝබර් මාසයේදී මානව හිමිකම් කමිටුව විසින් අදාළ ලේකණය ප්‍රකාශයට පත් කිරිම සඳහා මොරොක්කෝවේ රබාත් හී අවසන් රැස්වීමක් කැඳවා ඇති අතර ඉන් පසුව නිල වශයෙන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වා ඇත. එහිදී 19 වන වගන්තිය සහ 20 වන වගන්තිය අතර සමතුලිතතාවක් ඇති කරමින් පහත සඳහන් නිර්දේශ සපයා ඇත.

උපුටා ගැනීම :- https://www.ohchr.org

Latest