Skip to content

පොලීසියේ මතට ඇබ්බැහි වූවන්ට වෙන දේ.

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අනුව පොලිස් ස්ථාන වල  මෙන්ම රාජකාරී නිරතවන වෙනත් ස්ථානයන්හි එවැනි  මත්ද්‍රව්‍ය භාවිතා කරන  බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා  සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුම් දී ඇත.

මෙහිදී ගංජා පානයකර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ  ස්ථාන මාරුවක්  ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට පියවර ගනියි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ බස්නාහිර පළාත තුළ  වන අතරම  යුද හමුදාව තුළ ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හැහිවුවන් වැඩි වශයෙන් සිටින බවට වාර්තා වී ඇති බවටත් ඇතැම් සෙබළුන් මෙන්ම  යුද හමුදා නිලධාරීන් ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව  සිටින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

Latest