ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයන් කිහිපදෙනෙකුගේ පහර කෑමට ලක් වූ එම සමාගමේ සැපයුම් නිලධාරි වූ අශෝක අබේසිරි මහතා විසින් එප්පාවල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරනු ලබීය.
ඒම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ට අයුක්තිසහගත ලෙසින් පහරදුන් සිුවීමේදී පහරදීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.
17 වනදා රාජ්‍ය අමාත්‍යවරයා ඒප්පාවල පොස්පේඩ් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඒහි සේවකයින් පිරිසක් විසින් සමාගමට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් ගෙන්වීමෙන් ලක්ෂ ගණනක පාඩුවක් සිදු ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ ඊයේ අනාවරණයක් සිදු කළා.
ඒම අනාවරනය සමගම සේවකයින් සහ පොස්පේට් සමාගමේ සැපයිමු නිලධාරී වරයා අතර වූ උණුසුම් තත්වයක් හට ගත් අතර සේවකයින් පිරිසක් විසින් ඒම නිලධාරියාට සුලු පහරදීමක්ද සිදුකරනු ලැබූ අතර පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය පලානය කරනු ලැබීය.
පොස්පේට් සමාගමේ ඇඹරුම් යන්ත්‍ර මෙන්ම භාණ්ඩ තොගයක් මිලට ගෙන කිසිදු වැඩක් නොගෙන දිරාපත්ව යාමට ඉඩහැරීමක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු විමසීමේදී මෙම නොසන්සුන් තාවය ඇතිවිය.
කෙසේ වෙතත් සමාගමේ සභාපතිනිය ඇතුලු සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම පිටුපස සිටින බවටද පහරකෑමට ලක්වූ නිලධාරියා විසින් තොරතුරු පොලීසියට අනාවරනය කොට ඇත.