Skip to content

ඇලස්කා අහසේ කැරකුනේ මොකද්ද?

Photographer Todd Salat made this photograph of a swirl in the sky while photographing the aurora near the Richardson Highway on April 15, 2023 at 1:52 a.m. Alaska time, with light from Delta Junction faintly visible in the distance. (Photo by Todd Salat of AuroraHunter.com)

Todd Salat වෙනදා විදිහටම, සෙනසුරාදා උදෙන්ම එයාගෙ කැමරාව අහසට දික් කරගෙන හිටියෙ ලස්සන ආවුරෝරා ඡායාරූපගත කරගන්න අරමුණෙන්. මේ වෙලාවෙදි උතුරු ක්ෂිතිජය පැත්තෙ ඉදන් එන්න එන්නම සර්පිල හැඩයක් ගන්න ආලෝකයක් තමන්ගෙ පැත්තට එනවා Todd දකිනවා.

"ඒක එන්න එන්නම ලොකු වුණා, මට ඒ මොකද්ද කියල කිසිම අදහසක් තිබුණෙ නෑ" - Todd

මේ සුදු පාටට හුරු සර්පිලය වේගෙන් චලනය වෙලා, විනාඩි 5 කට විතර පස්සෙ Todd ගෙ ඔලුවට කෙලින් පිහිටන්න අරගෙන තියනවා. ජීවිතේටම තමන් දැකපු විශ්මයජනකම දේ මේ සර්පිලය කියලා මේ නමගිය ඡායාරූප ශිල්පියා කියනවා. Todd කියන්නෙ උතුරු එළි ඡායාරූපකරණයේ විශේෂඥයෙක්. එයාගෙ ව්‍යාපාරික නාමය විදිහට පාවිච්චි කරන්නෙ Aurora Hunter (ආවුරේරා දඩයක්කරු) කියන නම.

Don Hampton කියන්නෙ Alaska Fairbanks විශ්ව විද්‍යාලයේ  භූ භෞතික අංශයේ ඉන්න පර්යේෂණ සම්බන්ධ මාහාචාර්යවරයෙක්. පැය තුනකට කලින් SpaceX Transporter-7 මෙහෙයුමට පාවිච්චි කරපු Falcon 9 රොකට් එකෙන් දහනය කරපු ද්‍රව්‍ය මේ විදිහට අහසේ දර්ශනය වුණා කියලා ඔහු email පණිවිඩයකින් දැනුම් දීලා තියනවා. මේ සංසිද්ධිය මහාචාර්ය Hampton විස්තර කරලා තියෙන්නෙ මේ විදිහට,

"දෙවෙනි එන්ජිමෙන් දහනය කරන ද්‍රව්‍ය අතර තියන ජල වාෂ්ප මිදිලා, ඉහළ අහසෙදි ඉර අව්වත් එක්ක ගැටීමෙන් මේ විදිහට දිලිසෙන සර්පිලාකාර දර්ශනයක් මවනවා. නියමිත උස ප්‍රමාණයට රොකට්ටුව ආවත් එක්කම ඇලස්කාවට උඩින් මේක සිද්ධවෙලා තියනවා"

මේක දැකලා ටික වෙලාවකට පස්සෙ Todd, online research එකක් කරද්දි මහාචාර්ය Hampton ගෙන් වගේම සමාජ මාධ්‍යවල අදහස් පළකරන අයගෙන් මේ ගැන හරි විස්තරය දැනගන්නවා. මේ අභිරහසට පිළිතුරක් දැනගත්තු එක, මේ සිද්ධිය දකිනවා තරම් තෘප්තියක් ගෙනත් දුන්නෙ නෑ කියලා ඔහු කියනවා.

"මේ සර්පිලය සම්පූර්ණයි, ලස්සනයි. මට කියන්න තියෙන්නෙ ඒ අපද්‍රව්‍යයක් කියලා හිතන එකත් ඒකට කරන අවනම්බුවක්. ඒ මොකද්ද කියන එක නොදැන ඉද්දි මම මේ අභිරහස දැකලා සතුටු වුණා. ඒත් දැනගත්තට පස්සෙ ඒ සතුට පොඩ්ඩක් අඩුවුණා"

Latest