සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ මිනී පෙට්ටි සාප්පු ටික හොදට පවත්වාගෙන යාම මිසක් ජනතාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබා දී ජීවිත ආරක්ෂා කිරීම නොවන බව පැහැදිලි වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.
ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වූ ඖෂධ පාතාලයක් ඇති අතර ඒ ගැන ඉදිරියේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
''මම දැනගෙන ඉදියේ නෑ මිනීපෙට්ටි සාප්පුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති වෙනවා කියලා දැන් බලපුවාම මිනී පෙට්ටි සාප්පු ටිකත් සෞඛ්‍ය ඇමැතිවරයාගේ වගේ රෝහලට එන හැම කෙනාම පණපිටින් යන්නෙ නෑලු සෞඛ්‍යය ඇමති කියනවා.
බාල බෙහෙත් ගෙනල්ලා දීලා මිනී පෙට්ටි සාප්පු මගින් අවසන් කටයුතු ටිකත් කරා ඇමතිවරයාට ඕන මිනී පෙට්ටි සාප්පු ටික හොඳට තියාගන්න මිසක් රෝහල්වල බෙහෙත් ටික දීලා ජනතාව නිරෝගීව තියාගන්න නෙමෙයි. ඒ නිසා මේ බෙහෙත් ජාවාරමේ බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා.
සෞඛ්‍යය අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙච්ච බෙහෙත් සම්බන්ධව පාතාලයක් තියෙනවා කියලා අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා. පාතාලය මොකද්ද කියලා අපි ඉදිරියේදී මාධ්‍යයට හෙළිකරනවා.
රටේ ජනතාවට හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාරලා කියපු දේවල් තිත්ත වෙලා තියෙන්නේ ඒගොල්ලො පැනල ගිය අය. රාජපක්ෂලාගේ ඔඩොක්කුවට ගිය අය වගකීම දරාගන්න. සජිත් ගැන අපි බලා ගන්නම්. ජනතාව බලා ගනිවි. හරින් ප්‍රනාන්දුට පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාලව ඉතින් අයින් කරලානේ අයින් කරපුවහම එහෙම තමයි.
ජනාධිපති සටනට අපි සුදානම්. දැන් එමු සටනට අපිත් කඩුව අරන් එන්නේ බලමු කොහොමද දිනන්නෙ කියලා. රනිල් පොහොට්ටුව 134න් ජනාධිපති වුණා මිසක් ජනතාවගෙ ජන්දෙන් නෙමෙයිනෙ ජනාධිපති වුණේ.''යනුවෙන් අප්පුහාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.