රජය විසින් ලබා දෙන බව කියන සහනාධාරයට අනුව තමන්ට පොහොර නොලැබුණු ගොවීන් පිරිසක් 09 වෙනිදා අතුරලිය - තිබ්බොටුවාව ප්‍රදේශයේදී කලබලයට පත්ව සිටින බවක් දක්නට ලැබුණි.
අකුරැස්ස, තවලම, නෙළුව, මොරවක, කඹුරුපිටිය සහ දෙනියාය යන ප්‍රදේශ වල ගොවීන් විශාල පිරිසක් තිබ්බොටුවාවේ පිහිටි පොහොර අලවි සැළ ඉදිරිපිටට එක්ව සිටියේය. ඇතමුන් කියා සිටියේ අළුයම 4.00 සිට තමන් පොහොර මිලදී ගැනීම සදහා පොලිමේ සිටින බවය. තවත් පිරිසක් කියා සිටියේ දින කීපයක් පැමිණීමෙන් පසුව පොහොර නිකුත් කිරීම සදහා ප්‍රමුඛතා අංකයක් ලබා දුන්නද ඉන් ප්‍රතිඵලයක් නොමැති බවය.
මේ වන විට වගා කටයුතු ආරම්භ කර ඇති නමුත්, ඒ සදහා යෙදීමට අවශ්‍ය පොහොර නොමැතිකම විශාල ගැටළුවක් බව ගොවීන් කියා සිටියේය.
පොහොර අළෙවි සලේ හිමිකරු කියා සිටියේ රජයෙන් මේ වන තුරු කිසිදු ආකාරයකින් තමන්ට සහනාධාර ක්‍රමයට පොහොර නිකුත් කිරීම සදහා මුදලක් හෝ ලියකියවිල්ලක් ලැබී නොමැති බවය.නමුත් හැකි ආකාරයෙන් තමන් පොහොර මිලට ගෙන ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බවද ව්‍යාපාරිකයා කියා සිටියේය.


