Skip to content

ශ්‍රී දළදා මාලිගාවේ බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුම

ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ අලුත් මාළිගා ගොඩනැගිල්ලේ අඩි සියයක් පමණ ඉහළ කොටසේ අනාරක්ෂිතව බැඳ තිබූ බඹර කීපයක් ආරක්ෂිතව ඉවත් කිරීමට බිගු සම්පත් සුරැකීමේ සංවිධානය 15 දා පියවර ගත්තේය. දළදා මාලිගා අලුත් මාලිගා ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර මෙම බඹර වද හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ ගැටළු උද්ගත වී ඇත. මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී දළදා මාලිගාව විසින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම බඹර වද ඉවත් කිරීමට එම සංවිධානය පියවර ගත්හ.


බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ නිලධාරි මහින්ද විජේසිංහ ඇතුළු කණ්ඩායම ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයට පැමිණ අඩි 100 ක් පමණ ඉහලින් බැඳ තිබූ බඹර වද බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් ආරක්ෂාකාරීව ඉවත් කිරීමට පියවර ගත් අතර එහිදී මහින්ද විජේසිංහ මහතා සඳහන් කළේ මෙම බමරුන් සම්පූර්ණයෙන් පලවා හැරීම මෙහිදී සිදු නොවන බවත් මෙම අලුත්වැඩියා කටයුතු වලින් අනතුරුව නැවතත් බඹර ජනපද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන බවත්ය. ලෝකයේ පැවැත්ම සඳහා බිඟු සම්පත ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් ව පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Latest