Skip to content

කොළඹ අලුත් වෙරළේ ඇවිදීම නොමිලේ..

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රිම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා අද (15) දිනයේ සිට රටේ ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව රටේ ජනතාවට සහ සංචාරකයින්ට එම කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකි අතර වෙරළ තීරය කිලෝමීටර් තුනහමාරක් පමණ දිගින් යුක්ත වේ.

තවද කෘත්‍රිම වෙරළ තීරය ආසන්නයේම දෙස් විදෙස් ආහාර වලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.

Latest