Skip to content

වවුනියාවේ වැව් වනසන ආක්‍රමණකාරී ශාක.

වවුනියාව දිස්ත්‍රික්කයේ වැවු ආශ්‍රිතව ව්‍යාප්තව පවතින ආක්‍රමණකාරී ජලජ පැළෑටි හේතුවෙන් එම වැව් ආශ්‍රිතව ධිවර රැකියාවේ නියුතු ධිවර ප්‍රජාව හා ගොවින් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටි.
මෙම වැවු වල මේ වන විට ව්‍යාප්ත වන ජපන් ජබර වැනි ආක්‍රමණ කාරී ජලජ පැළෑටි හේතුවෙන් සම්ප්‍රධායික ජලජ ශාක වදවීමේ අවධානමක්ද මතුව තිබේ.

මෙම තත්වය යටතේ ධිවරයින්ට සිය ධිවර රැකියාවට මෙය දැඩි බලපෑමක් එල්ලව පවතී. ඒ අනුව ධිවරයින්ට මේ හේතුවෙන් සිය දැල් එලීම වැනි කරුණු සිදු කිරීමේදී ඔවුන් දුෂ්කරතාවයන්ට මුහුණදී සිටි. තවද මෙම ජලජ ශාක හේතුවෙන් වැවු ගොඩ වීමේ අවධානමකද පවතින බවත් ජලය මගින් මෙම ශාක ව්‍යාප්තව සිය කුබුරු වල පවා ඇතැම් අවස්ථාවල මෙම ශාක ව්‍යාප්ත වන බවටත් ගොවින් පෙන්වා දෙයි.

Latest