Skip to content

වවුනියාවේ කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් හයක්.

වවුනියාව දිස්ත්‍රික් කණ්ඩායම.

වවුනියාව දිස්ත්‍රික් කික් බොක්සිං කණ්ඩායම හා ඉන්දියානු කික් බොක්සිං සංගමය එක්ව කාශ්මීරයේ පැවැත්වු කික් බොක්සිං තරඟාවලියෙන් රන් පදක්කම් හයක් හා රිදී පදක්කමක් දිනාගැනීමට වවුනියාව දිස්ත්‍රික් කික් බොක්සිං සංගමයේ තරඟකරුවන් සමත්විණ.

කාශ්මීරයේ පැවැත්වු ලෝක මිශ්‍ර කික් බොක්සිං තරඟාවලියේදි වවුනියාව දිස්ත්‍රික් කික් බොක්සිං කණ්ඩායම රන් පදක්කම් හයක් හා රිදි පදක්කමක් දිනා ගැනීමට හැකිවිණ.

පදක්කම් දිනාගත් කණ්ඩායම හා පුහුණුකරු පිළිගැනීමේ වැඩසටහනක් 13 වැනිදා වවුනියාව කන්දසාමි කෝවිලේදි පැවැත්විණ.

පසුගිය 07,08 හා 09 වැනිදා කාශ්මිරයේ පැවැත්වු  ලෝක මිශ්‍ර බොක්සිං තරඟාවලියේදි දක්ෂතා දැක්වීමට වවුනියාව දිස්ත්‍රික් කික් බොක්සිං කණ්ඩායම එලෙස සමත්වි තිබිණ.

කික් බොක්සිං පුහුණුකරු එම්.එස්.නන්දකුමාර් මහතා යටතේ පුහුණුවීම් ලැබු වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවන් හත් දෙනෙකු මෙවර කාශ්මීරයේ පැවැත්වු තරඟයට එක්විණ.

ෂන්මුගනාදන් සංජයන්,තට්චනාමූර්ති මහීෂා,සෙව්මිණි ඉමේෂා ජයවර්ධන,මුරුගන් විනෝද්,ශිවකුමාර් තර්නිකා,රාමනාදන් දිව්‍ය යන දරුවන් රන් පදක්කම් දිනාගත් අතර,කුමාර් ක්‍රිෂාන්තන් රිදි පදක්කම් දිනා ගැනීමට දක්ෂතා දක්වා තිබිණ.

ජයග්‍රාහණ ලැබු දරුවන්ට මල් මාලා පළදවා ගෞරව දැක්වීම වවුනියාව දිස්ත්‍රික් කික් බොක්සිං සංගමය හා ප්‍රදේශවාසීන් සිදුකළහ.

Latest