Skip to content

වතිකානුවේ රහස් සමඟ බැදුණ කුමන්ත්‍රණ න්‍යායන්

අද මම ඔයාට කියලා දෙන්න යන්නේ පට්ට ඉන්ට්‍රෙස්ටින් මාතෘකාවක්. මුලින්ම කියන්න ඕනේ මේ ආටිකල් එක පුරාවටම තියෙන්නේ තනිකරම කන්ස්පිරසි තියරි. ඒ නිසා මැද ඉදන් මේ ආටිකල් එක කියවන්න කියලා මම ඔයාට යෝජනා කරනවා. කන්ස්පිරසි තියරි කියන්නේ ඔයා ආසා සබ්ජෙක්ට් එකක් නම් ඔයා දැන ගන්න ඕනේ දෙයක් තමයි මහජනතාවගෙන් සැගවිලා ඉන්න ගමන් ලෝකයේ බලය කියන දේට ඍජුවම බලපෑම් කරන රහසිගත සංවිධාන මානව ඉතිහාසය පුරාවටම තිබිලා තියෙනවා කියන එක.

රහසිගත සංවිධාන කියලා කියද්දිම ඔයාගේ හිතට ආවේ ඉලුමිනාටි කියන නම නේද?

හැබැයි මම අද ඔයාට කියලා දෙන්නේ ඊටත් වඩා ප්‍රබලා සංවිධානයක් ගැන. ඔයා අහලා තියෙයිද හෝලි සී (Holy See) කියන රහස් සංවිධානය ගැන.

නැති ද?

නැහැ ඔයාලා අහලා තියෙනවා ඒ සංවිධානය ගැන. හැබැයි වෙන නමකින්.

"ඒ නම තමයි වතිකානුව."

වතිකානුව

ඔයා බැලුවාද SL Vlog එකෙන් කරපු මේ පෝඩ්කාස්ට් එක.

මේ පෝඩ්කාස්ට් එකේ කතා කරනවා නේද වතිකානුව පිටසක්වල ජීවින් සම්බන්ධයෙන් කරපු කවර් අප් එකක් ගැන. අන්න ඒ වතිකානුව ගැන තමයි මම අද ඔයාට කියලා දෙන්නේ. ඒ පෝඩ්කාස්ට් එකේම මෙන්ශන් කරනවා වොයේජර් 1 සහ වොයේජර් 2 චන්ද්‍රිකා ගැන වගේම ඇරිසිබෝ පණිවිඩය ගැන. මම මීට කලින් ඒ මාතෘකා ගැන ටිකක් කතා කරලා තියෙනවා. අමතක නම් ලින්ක් කරලා තියෙන ආටිකල් දෙක පස්සේ කියවන්න.

පිටසක්වල අභිරහස 1 ; වගා කව (Crop Circles) සහ Arecibo පිළිතුර
1974 දී විද්‍යාඥයන් පිරිසක් විසින් අභ්‍යවකාශයට පණිවිඩයක් ‍යැවීම සිදු කරන ලදී. එම පණිවිඩයේ අරමුණ වූයේ පෘථිවියේ ජීවය පිළිබඳ විස්තර බුද්ධිමත් පි
මනුෂ්‍යත්වයේ ස්වර්ණමය වාර්තාව (The Golden Record)
1977 ගිම්හාන මාසවලදී, NASA ආයතනය විසින් ග්‍රහලෝක චාරිකාවක් සඳහා වොයේජර් (Voyager) 1 සහ 2 යන අභ්‍යවකාශ යාත්‍රා 2ක් දියත් කරන ලදී. ඔවුන්ගේ මෙහෙයුම වූයේ බ්‍රහස්

සියවස් ගණනක් තිස්සේ මිනිසුන් අතර තිබුණ විශ්වාසයක් තමා විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම රහස් තේරුම් ගන්න පුළුවන් යතුර තියෙන්නේ රහසිගත සංවිධානයක් ගාව කියන එක. ඉතින් ගොඩාක් අය හිතන්නේ මෙන්න මේ රහසිගත සංවිධානය තමා හෝලි සී එහෙමත් නැති නම් වතිකානුව කියලා. එහෙම කියන්නත් හේතුවක් තියෙයි. මොකද කියනවා නම් වතිකානුව සතුව තියෙනවා පුරාණ කෞතුක වස්තු සහ ලියවිලි වලින් පිරුණ රහසිගත පුස්තකාලයක්. කතෝලික පල්ලියේ බල කේන්ද්‍රය විදිහට වතිකානුවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී රෝමයේ තිබුණ සෙන්ට් පීටර්ගේ සොහොන මත කරපු බැසිලිකාවේ ඉදිකිරීම් එක්ක. මෙන්න මේ කාලයේ ඉදන්ම මේ අය කතෝලික පල්ලියේ ආරම්භයට කලින් තිබුණ යුග වලට අයිති ලෝකය පුරාම විසිරී ගිහින් තිබුණ කෞතුක වස්තු, ලියවිලි, අත්පිටපත් සහ ලිවීම් එකතු කරලා තියෙනවා. එහෙම එකතු කර ගත්ත හැම දෙයක්ම ගබඩා කරලා තියෙන්නේ සීක්‍රට් ආකායිව් (Secret Archive) කියන සැතපුම් පනහකට වඩා දිග පුස්තකාලයක.

වතිකානුවේ සීක්‍රට් ආකායිව් එක

මේ පුස්තකාලයේ සැඟවිලා තියෙනවා යැයි කියන රහස් අතරින් වඩාත්ම ජනප්‍රියම රහස ගැන තියෙන න්‍යාය නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදිහට හදුන්වන ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කර ගෙන. මේ රහසට පුළුවන්ලු ජීසස් ක්‍රිස්තුස් වහන්සේ සැබැවින්ම ජීවත් වුනා කියලා තහවුරු කරන්න අවශ්‍ය සාක්ෂි හෝ ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මිනිසා ජීවත් විය යුතු ආකාරය පෙන්නුම් කරන සංකේතාත්මක රූපයක් කියන දේ ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි අපට ලබා දෙන්න. හැබැයි ඔය දෙකෙන් හරිම එක මොකක්ද කියන්න කවුරුත් දන්නේ නැහැ. මේ න්‍යාය ගැන පරීක්ෂණ කරන පර්යේෂකයන් කියන විදිහට වතිකානුවේ මූලාශ්‍රවලින් තමයි මේ තොරතුරු ලීක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ලීක් වුන තොරතුරු වල තිබිලා තියෙන්නේ නීරෝ අධිරාජ්‍යයා සහ සෙන්ට් පෝල් අතර හුවමාරු වුන ලියුම් කිහිපයක් ගැන. මෙන්න මේ ලියුම් වල ජීසස් කියලා සාන්‍තුවරයෙක් ගැන සදහන් වෙලා තියෙනවාලු. සමහර විද්වතුන් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ නිර්මාණකරුවා වුන ජීසස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම ජීවත් වුන කෙනෙක් කියන්න හොදම සාක්ෂිය මේක කියලා. මේ න්‍යාය අහද්දි ඔයාටත් හිතෙන්න ඇති මේ වගේ ප්‍රශ්නයක්.

ජීසස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම හිටියා කියලා ඔප්පු කරන්න සාක්ෂි වතිකානුවේ තියෙනවා නම් මේ රහස ගැන ලෝකය පුරා ජීවත් වෙන කතෝලික ජනතාවට හෙළිදරව් නොකරන්නේ ඇයි?

ඒකටත් උත්තරයක් තියෙනවා. එයාලා කියන විදිහට කතෝලික පල්ලිය මේ රහස මහජනතාවට හෙළි කරන්නේ නැති වෙන්න හේතුව තමයි ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ යුදෙව් පවුලකට දාව උපත ලබපු දරුවෙක් නෙමේ කියලා මේ ලියුම් වල තියෙන නිසාලු. මේ ලියුම් වලට අනුව ජීසස් කියන්නේ අප්‍රිකානු පවුලකට දාව උපත ලැබූ දරුවෙක්ලු.

Race and appearance of Jesus - Wikipedia

සීක්‍රට් ආකායිව් එකේ සැඟවිලා තියෙනවා යැයි කියන රහස් අතරින් තියෙන තවත් රහසක් තමා ෆාතිමාගේ තුන්වැනි රහස එහෙමත් නැති නම් තර්ඩ් සීක්‍රට් ඔෆ් ෆාතිමා (Third Secret Of Fathima) කියන්නේ. 1917 දී පෘතුගාලයේ ළමයි තුන්දෙනෙක්ට ව්‍යසනයක් ගැන දර්ශන සහ අනාවැකි ලැබිලා තියෙනවා. කන්‍යාවක් වුන මරියාතුමිය තමයි ළමයි තුන්දෙනාට මේ දර්ශන සහ අනාවැකි දීලා තියෙන්නේ. හැබැයි ළමයි දෙන්නෙක් දැකපු අනාවැකි ගැන විතරයි මහජනතාවට කියලා තියෙන්නේ. තුන්වෙනි ළමයා දැකපු අනාවැකිය ගැන මහජනතාවට කියන්නේ 2000 වර්ශයේදී. හැබැයි බොහෝ විද්වතුන් කියන විදිහට 2000 වර්ශයේදී මහජනතාවට කියපු මේ තුන්වැනි අනාවැකිය ව්‍යාජ එකක්ලු. සත්‍යය තුන්වෙනි අනාවැකිය අදටත් සීක්‍රට් ආකායිව් එකේ තියෙන රහසිගත ලියවිල්ලක සදහන් කරලා තියෙනවාලු. මේ න්‍යායට අනුව ඒ අනාවැකියේ තියෙන්නේ මේ ශතවර්ෂයේදී මනුෂ්‍යත්වයට එල්ල වෙන්න තියෙන න්‍යෂ්ටික සංහාරයක් හරි එහෙමත් නැති නම් ස්වභාවික ව්‍යසනයක් ගැන සදහන් වෙන විස්තරලු.

Three Secrets of Fátima - Wikipedia

මම ඔයාට වතිකානුවේ රහස් ගැන තියෙන න්‍යායන් දෙකක් කියලා දුන්නා. තුන්වෙනියාට තියෙන න්‍යාය තමයි මම ආසම එක. මුල් ශතවර්ශයේදී වතිකානුව හෙමින් හෙමින් මධ්‍යධරණී කලාපයේ බලවත්ම සංවිධානය වෙන කොට මෙයාලා ගොඩක් ප්‍රමුඛතාවය දුන්න ‍රාජකාරියක් තිබුණා. ඒ තමයි පැරණි භාණ්ඩ සහ කෞතුක වස්තු එකතු කරන එක. ඉතින් මේ න්‍යායට අනුව මේ කාලයේදී වතිකානුවට හම්බ වෙලා තියෙනවා පුරාණ ඊජිප්තුවට අයිති වුන පැරණි කෞතුක වස්‍තූන් රාශියක්. මේ කෞතුක වස්තූන් වලින් පෙන්නුම් කරලා තියෙන්නේ ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරයේ ආරම්භය සහ ඒ ශිෂ්ටාචාරයේ ජීවත් වුන සමාජයට තිබුණ තාක්ෂණික දියුණුව ගැන විස්තරලු. ඒ වගේම මේ කෞතුක වස්තූන් අතරේ තියෙනවලු පැපිරස් ලියවිලි කිහිපයක්. ඒ ලියවිලි වල සදහන් වෙලා තියෙන්නේ ප්ලේටෝ ඇට්ලන්ටිස් ගැන සදහන් කරපු විස්තරයට සමාන විස්තරයක් කියලා තමා මේ න්‍යායේ සදහන් වෙන්නේ. අවුරුදු දස දහසකට කලින් සිදුවුන ව්‍යසනයට කලින් ලෝකයේ තිබුණ දියුණු ශිෂ්ටාචාරයක් ගැන විස්තර.

මම ඔයාට එක්ස්සොර්සිම් සහ යක්ෂයින්ගේ ආවේශ වීම් ගැන මෙන්න මේ ලිපියෙන් කියලා දුන්නා මතකද?

එක්ස්සොර්සිම් (Exorcism) කියන්නේ ඇත්තක් ”ද”?
මම අද කතා කරන්නේ අපිට ටිකක් හුරුපුරුදු මාතෘකාවක් ගැන. ඒක සිද්ධ වෙන්නේ පටන් ගන්නේ මෙහෙමයි. සමහර විට මේ දේ ඔයාගේ අක්කට හරි නංගිට හරි එහෙමත් නැ

ෆාදර් ගේබ්‍රියල් ආමෝත් සහ වතිකානුවේ චීෆ් එක්ස්සොර්සිට් කියන තනතුර ගැන කියලා දුන්න දේවල් මතකයි නේද?

වතිකානුවේ ‍රහස් අතර තියෙන තවත් රහසක් තමයි යක්ෂ බලවේග එහෙමත් නැති නම් ඩීමොනික් ස්පිරිට්ස් (Demonic Spirits) එන්නේ කොහෙන්ද කියන දෙය ගැන සම්පූර්ණ විස්තර සීක්‍රට් ආකායිව් එක ඇතුළේ තියෙන ලියකියවිලි වල තියෙනවා කියන එක. මේ න්‍යාය කියන විදිහට සීක්‍රට් ආකායිව් එකේ තියෙන ලියකියවිලි වල තියෙනවාලු ආධ්‍යාත්මික දොරටු ඒ කියන්නේ ස්ප්‍රිචුවල් පෝටල්ස් (Spiritual Portals) ගැන විස්තර. ඒ විතරක් නෙමේ අපේ ලෝකයත් ඩීමනික් ඩිමෙන්ශන් එකත් අතර ගමන් කරන්න පුළුවන් පාලමක් නිර්මාණය කරන ආකාරය ගැන විස්තරත් මේ ලියවිලි වල සදහන් වෙලා තියෙනවලු. මේ න්‍යාය තවදුරටත් කියනවා කතෝලික පල්ලියට කලින් තිබුණ යුගයේ හිටපු සාතන් අදහන කල්ලි සහ විවිධ ආගමික කල්ට් මේ විදිහේ පාලම් නිර්මාණය කරලා යක්ෂයින්ට අපේ ලෝකෙට එන්න ඉඩ දුන්නා කියන එක.

ලේඛකයෙක් වුන ජෙරල්ඩ් ස්ටයිනාචර් ඉදිරිපත් කරලා තියෙනවා වතිකානුවේ රහස් ගැන සිත් ඇදගන්නාසුළු න්‍යායක්. ඒ න්‍යායට අනුව හිට්ලර්ගේ මරණයෙන් පස්සේ නාසි හමුදාවේ සේවය කරපු ඉහළ නිළධාරීන්ට යුරෝපයට පැනලා යන්න උදව් කරලා තියෙන්නේ වතිකානුව. මේ ගැන ඔප්පු කරන්න අවශ්‍ය ලියවිලි සීක්‍රට් ආකායිව් එකේ තියෙනවලු. මේ දේ වතිකානුව කරලා තියෙන්නේ යුරෝපයේ ක්‍රිස්තියානි ධර්මය නැවත පණ ගැන්වීම කරන්නලු. හැබැයි අද වෙනකන් කතෝලික පල්ලිය මේ ප්‍රකාශ සම්බන්ධව කිසිම පිළිතුරක් දීලා නැහැ.

ජෙරල්ඩ් ස්ටයිනාචර්
Nazis on the Run: How Hitler’s Henchmen Fled Justice
Gerald Steinacher’s Nazis on the Run: How Hitler’s Henchmen Fled Justice makes an important contribution to understanding how Nazis, SS-members, and their collaborators fl

නාසීන් සහ වතිකානුව අතර තිබුණ සම්බන්ධය ගැන තියෙන තවත් න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ ජෙරල්ඩ් පොස්නර් කියන ලේඛකයා. එයා ලියපු පොතේ තියෙන විදිහට යුදෙව් පවුල් වලට අයිති වුන කලාකෘති, රත්තරන් සහ දේපල කොල්ල කන්න වතිකානුව උදව් කරලා තියෙනවා. මේ න්‍යායට අනුව දෙවනි ලෝක යුද්ධය කාලයේදී වතිකානුවේ මූල්‍ය උපදේශකයා විදිහට හිටපු නාසි ඔත්තුකරුවෙක් වුන බර්නාඩිනෝ නොගාරා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඉතින් මේ කොල්ලකෑම් ගැන විස්තර සියල්ල සීක්‍රට් ආකායිව් එකේ තියෙන ලියවිලි වල සදහන් වෙලා තියෙනවලු.

ජෙරල්ඩ් පොස්නර්
බර්නාඩිනෝ නොගාරා
God’s Bankers
A deeply reported, New York Times bestselling exposé of the money and the clerics-turned-financiers at the heart of the Vatican—the world’s biggest…

වතිකානුවේ රහස් ගැන තියෙන න්‍යායන් අතරින් ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු න්‍යාය ගැන කියලා මම මේ ආටිකල් එක ඉවර කරන්නම්. පිටසක්වල ජීවින් සහ වතිකානුව ගැන න්‍යායන් ගොඩාක් තියෙනවා. හැබැයි ඒ හැම එකක් අතරින්ම මගේ හිත ඇද ගන්න පුළුවන් වුන න්‍යාය තමයි ජෝර්ඩානෝ බෲනෝ ගේ ලේඛණ ගැන තියෙන න්‍යාය. බෲනෝ කියන්නේ 16 වන සියවසේ හිටපු විද්‍යාඥයෙක්. මෙයා ඉදිරිපත් කරලා තියෙනවා විශ්වය ගැන සංකල්පයක්. ඒ සංකල්පය විස්තර කරන්නේ මෙන්න මෙහෙම අදහසක්.

ජෝර්ඩානෝ බෲනෝ

"විශ්වය කියන්නේ අනන්ත වූ දෙයක්. ඒ අනන්ත වූ විශ්වයේ තියෙනවා ජීවින්ගෙන් පිරී ගිය ලෝක ගණනාවක්."

මේ සංකල්පය යෝජනා කරන්නේ ඇත්තටම පිටසක්වල ජීවින් ගැනද කියන එක ගැන අදහසක් අපිට හොයා ගන්න බැරි වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමා කතෝලික පල්ලිය බෲනෝව පණපිටින් ගිණි තියලා මරණවා. ඒ වගේම එයාගේ අධ්‍යයන වාර්තා හැම එකක්ම පල්ලියෙන් අරගෙන සීක්‍රට් ආකායිව් එකේ තැන්පත් කරනවා.

ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ?

ජීසස් කියන්නේ අප්‍රිකානු පවුලකට දාව උපත ලැබූ කෙනෙක් කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද?

මරියතුමිය ලබා දුන්න මේ සියවස අවසානයේදී මනුෂ්‍යත්වයට මුහුණ දෙන්න වෙන අනාවැකියේ තියෙන දේ වෙන්න පුළුවන්ද?

ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය කියන්නේ ඇත්තටම තිබුණ දෙයක්ද?

එක්ස්සොර්සිම් සහ ඩීමන්ලාගේ අවේශය ගැන තියෙන සංවාදය ඔප්පු කරන්න පුළුවන්ද?

වතිකානුව සහ නාසීන් අතර ඇත්තටම සම්බන්ධයක් තිබිලා තියේද?

බෲනෝගේ ලියවිලි වල පිටසක්වල ජීවින් ගැන සදහන් වෙලා තියෙනවාද?

රෝමය ගිනි ගද්දී විණාව වැයූ නීරෝගේ කතාව
පුරාණ නටබුන්වල සෙවනැලි යට ගලා යන ටයිබර් ගංගාව පිහිටා ඇති රෝමයේ, පාවාදීමේ කතාවක් සියවස් ගණනාවක් පුරා දෝංකාර දෙයි. මෙම පරම්පරාවෙන් පරම්පරාවට කි
මනුෂ්‍ය වර්ගයාගේ කතාවේ අවසන් පරිච්ඡේදය
″මේ! මම මේ කියන කතාව අහන්න. මේ ගැන හොයලා බලන්න. ඊට පස්සේ ශ්‍රී ලංකාවට කොටු වෙලා තියෙන ඔයාගේ රියැලටි එක එක්ක මේ වෙලාවේ ලෝකේ තියෙන රියැ
සැඟවුණු ශිෂ්ටාචාර 2 ; කාලයත් සමඟ වැළලී ගිය ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය
මිනිසුන් දන්නා ඕනෑම සංස්කෘතියකට වඩා දියුණු හා සමෘද්ධිමත් යැයි කියනු ලැබූ නැතිවූ ශිෂ්ටාචාරය ලෙස හදුන්වන ඇට්ලන්ටිස් සහස්‍ර ගණනාවක් ති

Latest