Skip to content

වසර හතකට පසු සෞදි අරාබිය සහ ඉරානය අතර සාම සාකච්ඡාවක්

සෞදි අරාබිය සහ ඉරානය අතර සාමය පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් දෙ රටේ විදේශ අමාත්‍යවරුන් අතර චීනයේ දී සිදු විය. බීජිං හි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද සෞදි අරාබිය සහ ඉරානය අතර සාම සාකච්ඡාව සුවිශේෂී සිදුවීමකි.

වසර හතකට වැඩි කාලයකට පසු ඉරානය සහ සෞදි අරාබිය අතර පැවැත්වූ ඉහළම මට්ටමේ පළමු රැස්වීම මෙයයි. ඔවුන්ගේ තානාපති කාර්යාල සහ උපදේශක කාර්යාල යළි විවෘත කිරීමට මෙහි දී ගිවිසුමක් අත්සන් කර ඇත. ඔවුන් නැවත ගුවන් ගමන් ආරම්භ කර වීසා සඳහා පහසුකම් සපයන අතර රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් දෙරට අතර සම්බන්ධය ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවට මෙහි දී තීරණය විය.

සෞදි අරාබිය සහ ඉරානය ඒකාබද්ධ නිවේදනයක් ඉදිරිපත් කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

" බීජිං ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව පසු විපරම් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන අතර එය අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගිතාවේ ක්ෂේත්‍ර පුළුල් කරන අතර කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත් වය සහ සමෘද්ධිය ඇති කිරීමට උපකාරී වේ. "

මේ පිළිබඳ තවදුරටත් චීනය මෙසේ පවසයි.

" මැදපෙරදිග රටවල හොඳ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස චීනය ඔවුන්ගේ ස්වාධීනත්වයට දිගටම ගරු කරනු ඇත. මැදපෙරදිග සාමය සහ සමගිය සංහිඳියාවට සහාය දෙන බලවේගයක් ලෙස මැදපෙරදිග ආරක්ෂාව, ස්ථාවරත් වය, සංවර්ධනය, සෞභාග්‍යය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක සංවර්ධන සහ ශිෂ්ටාචාර මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට චීනය මැද පෙර දිග රටවල් සමඟ කටයුතු කරනු ඇත. "

මැද පෙර දිග කලාපය තුළ චීනයේ විසින් ප්‍රමුඛතා දෙක වන්නේ බලශක්තිය සහ ආර්ථික සබඳතායි. මෙම ගිවිසුම මගින් චීනයට එම ප්‍රමුඛතා වන බලශක්තිය සහ ආර්ථික වාසි මෙන් ම දේශපාලන වාසි ද ලැබෙනු ඇත.

Latest