Skip to content

වසර දාහතරකට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින්

වසර දාහතරකට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින් වාර්තා වී තිබෙන බව  කළුතර  ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කලුබොවිල මහතා සඳහන් කළහ .

බේරුවල නගර සභා බල ප්‍රදේශයට අයත්   චීන කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ලියාකන් නැමැති(37) හැවිරිදි විවාහක දෙදරු පියකු වන පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බව  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලය සනාථ කළහ.

මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වන දින යළි මෙරටට පැමිණ තිබෙන අතර  එතැන් සිට නිවසේ ගත කර අප්‍රියෙල් 14 වන දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර  අප්‍රියෙල් 15  දින මිය ගොස් තිබේ.
එම රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට  මැලේරියාරෝගය වැළඳී ඇති බවයි.


 විදෙස් රටක සිට පැමිණි මෙම පුද්ගලයා නිවසට පැමිණ නිවසේ ගත කිරීම නිසා ඔහුගේ නිවැසියන්ටහා  අස්ල් වාසීන්ට රෝග‍ය වැළඳී ඇත්ද යන්න පරීක්ෂාවට ලක් කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තබර  කලුබෝවිල  මහතා සඳහන් කළේය.
මේ වන විට කළුතර මැලේරියා මර්දන ව්‍යාපාරය කණ්ඩායමක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නිලධාරී කාර්යාලය හා එක්ව කීට විද්‍යා සමීක්ෂණ ඇතුළු පරීක්ෂණ බේරුවල  සිදුකරන බව හෙතෙම සඳහන් කළහ.


2009   වසරෙන් පසුව මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

 විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතරින් ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය  වාර්තා වුවද මැලේරියාව පැළඳීමෙන් මරණයක් වාර්තා වූයේ වසර දාහතරකට පසුව බව සෞඛ්‍ය අංශ  වැඩිදුරටත්සඳහන් කළේය.

Latest