Skip to content

විශ්‍රාම ගිය සෞඛ්‍ය සේවකයින්ට වසර 03 ක් ගියත් විශ්‍රාම වැටුප් නැහැ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නැතැයි බලධාරීන් කියති.

වව්නියාව ඇතුලු උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවයේ විශ්‍රාම ගිය සේවකයින් 200 කට ආසන්න පිරිසකට වසර 03කට අධික කාලයක් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු දීමනාවක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීමෙන් එම පිරිස් දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

සිංහල, දෙමළ හා මුස්ලිම් සෞඛ්‍ය සෙවකයින් උතුරේ රෝහල්හි සෞඛ්‍ය සේවයේ නිරතව සිට 2020 වසරේ විශ්‍රාම ගියද මේ දක්වා උතුරු පලාත් සෞඛය දෙපාර්තමේන්තුව විසින් අදාල සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබාදීමට පියවර ගෙන නොමැති බවට වාර්ථා වෙයි.

මෙම පිරිස්හි ඇතැම් සේවකයින්ට වසර 45 ක් සපිරීමෙන් පසුව ස්ථීර පත්වීම් ලබාදී ඇති බැවින් විශ්‍රාම වැටුප් ලබාදීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවට දන්වමින් පසුගිය වසරේ (2022) සෞඛ්‍ය සේකයින්ට ලිපි මගින් දැනුම් දී ඇතැත් මේ දක්වා අනුමැතිය ලැබී නොමැති බවට උතුරු පලාත් සෞක්‍ය බලධාරීන් හමුවීම්දී ඔවුන් පැවසීම හේතුවෙන් අදාල සෞඛ්‍ය සේවකයින්ට දින ගණන් රස්තියාදු වීමට සිදුව ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේකයින් පවසා සිටින්නේ තමන්ගේ සේවය ස්ථීර කිරීමට පෙර වසර 15 ක් පුරා ස්වේච්ඡා සේවයේ නිරත වූ බවටත් අවුරුදු 45 පිරීමෙන් පසුව ස්ථීර පත්වීම් ලබාදීම තමන්ගේ වැරද්දක් නොවන බවාත් එය නිලධාරීන්ගේ වැරද්දක් බවටත්ය.

තමන්ට ස්ථීර පත්වීම් ලබාදී විශ්‍රාම හිමි කාඩ්පත් ලබා දීම මෙන්ම සේවා වැටුපෙන් සියලු කපා හැරීම් සිදුකොට ඇති අතරම තමන්ගේ ස්ථීර සේවා කාලය වසර 12 ත් 15 ත් අතර කාලයක් පැවතීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම දැඩි අසාධාරණයක් බවටය.

මේ වන විටත් අදාල සෞඛ්‍ය සේවකයින්ගේ පවුල් වෙතට විශ්‍රාම වැටුපක් හෝ කිසිදු දීමනාවක් නොලැබීමෙන් එම පවුල් දැඩි සේ අසරණව සිටින හෙයින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කොට එම සේවකයින්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Latest