Virgin Galactic යනු Richard Branson සහ Virgin Group සමූහය විසින් ආරම්භ කරන ලද ඇමරිකානු අභ්‍යවකාශ පියාසර සමාගමකි. එය අභ්‍යවකාශ සංචාරකයින්ට උප කක්ෂීය අභ්‍යවකාශ පියාසැරියක සංචාරය සඳහා වාණිජ අභ්‍යවකාශ යානා සංවර්ධනය කිරීම අරමුණු කරගත් වානිජ ව්‍යාපාරයකි.
මෙසේ සිවිල් පාරිභෝගිකයන් අභ්‍යවකාශයට රැගෙන යාමේ වර්ජින් ගැලැක්ටික් හි පළමු මෙහෙයුම වන Galactic-02 ඊයේ දින එනම්, 2023 අගෝස්තු 10 වන දින නිව් මෙක්සිකෝවෙන් දියත් කර ඇත.
Virgin Galactic සිය පළමු අභ්‍යවකාශ සංචාරක සැරිය සඳහා සංචාරකයින් වූයේ අසූ හැවිරිදි හිටපු ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන Jon Goodwin, 46 හැවිරිදි ශරීර සුවතා පුහුණුව උපදේශකවරියක වන Keisha Schahaff සහ ඇගේ දියණිය,18 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක වනAnastia Mayers යන තිදෙනායි. ඔවුන් සමඟ ගගනගාමී උපදේශක බෙත් මෝසස් සමඟ ගුවන් නියමුවන් වන සීජේ ස්ටර්කෝ සහ කෙලී ලැටිමර් ද එක්ව ඇත. ඔවුන් ගමන් ගත්තේ Virgin Galactic හි VSS Unity අභ්‍යවකාශ යානයේයි.
Virgin Galactic හි දියත් කිරීමේ පද්ධතිය කොටස් දෙකකින් සමන්විත වේ. VMS Eve නම් විශාල ගුවන් යානයක් සහ VSS Unity කුඩා අභ්‍යවකාශ යානයක් ඊට අයත් ය. දියත් කිරීම නිව් මෙක්සිකෝවේ Spaceport America හිදී සිදුවූ අතර, එක්සත් රාජධානියේ වේලාවෙන් ඊයේ සවස 4ට ගුවන්ගත වීමේ කවුළුව විවෘත වී ඇත.
අභ්‍යවකාශ ගමනේ දී ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ගොස් මුදා හැරීමේ උන්නතාංශයට පැමිණි පසු, අභ්‍යවකාශ යානය මුදා හරිනු ලබන අතර, එහි ප්‍රබල රොකට් එන්ජිම භාවිතා කර පෘථිවියට සැතපුම් 50 ක් පමණ ඉහළට ගමන් කිරීමට නියමිතය. සම්පූර්ණ පියාසැරිය විනාඩි 90 ක් පමණ ගතවනු ඇත.
මීට පෙර Virgin Galactic ගගනගාමීන් හය දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ පසුගිය ජුනි 29 වන දින අභ්‍යවකාශයට ගමන් කරමින් සිය පුහුණු ගුවන් ගමන දියත් කළේය. Galactic 01 නම් වූ මෙම මෙහෙයුම අභ්‍යවකාශ සංචාරකයින් රැගෙන නොගිය අතර ඒ සඳහා ඉතාලි ගුවන් හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු සහ පර්යේෂණ ඉංජිනේරුවෙකු විය.ඔවුන් තිදෙනා ජීවමිතික දත්ත, සංජානන දත්ත සහ ජෛව වෛද්‍ය විද්‍යාත්මකව අදාළ ඇතැම් ද්‍රව සහ ඝන ද්‍රව්‍ය මිශ්‍ර වන ආකාරය ඇතුළු ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු රැස් කිරීමට මේ ගුවන් ගමන භාවිතා කළ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟ Virgin Galactic හි ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් ඉංජිනේරුවෙකු එක්ව සිටියහ.
Richard Branson ගේ අභ්‍යවකාශ සමාගම Elon Musk ගේ SpaceX සහ Jeff Bezos ගේ Blue Origin සමඟ කුඩා සමාගම් සමූහයකට සම්බන්ධ වී ඇති අතර එමඟින් ගනුදෙනුකරුවන් මුදල් ගෙවා අභ්‍යවකාශයට රැගෙන යා හැකිය.
මෙතැන් පටන් ඉදිරියට අභ්‍යාවකාශ සංචාරකයන් සඳහා $250,000 (£191,000) සහ $450,000 (£344,000) අතර මිල ගණන් දරණ ආසන සහිත මාසික පුද්ගලික ගුවන් ගමන් සිදු කිරීමට Virgin Galactic අපේක්ෂා කරයි.
මීළඟ ගුවන් යානයේ සිටින අය කවුරුන්ද යන්න සමාගම තවමත් හෙළි කර නැතත්, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට "Virgin Galactic අත්දැකීම" සහ අනාගත චාරිකා සඳහා ප්‍රවේශපත්‍ර තිබේ නම් වැඩිදුර දැන ගැනීමට විද්‍යුත් තැපැල් දැනුම්දීම් සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැක.