Skip to content

උතුරු නැගෙනහිර හිස ඔසවන කාන්තා හිංසනය

අද උතුරු නැගෙනහිර පලාත් වල ජීවත්ව ඉන්න කාන්තාවන්ට පවුලක සමාජයක් ලැබිය යුතු තැන් ලැබිලා නැහැ හැම තැනම කාන්තා හිංසන මෙහෙම ගියොත් අර බ්‍රාහ්මණ යුගේ වගේ කාන්තාව විවිධ හිරි හැර විඳමින් කස්සිය මුල්ලට වෙලා ඉන්නයි වෙන්නේ අපි මේක වෙනස් කරන්න ඕන මේ ඒකට කාලයයි පාරට බැහැල කාන්තා අයිතිවාසිකම් ඉල්ලන්න ඕන ජනතාව දැනුවත් කරන්න ඕන.

‘‘නිවසේ සාම තුලින් ලොවේ සාමය උදාකරමු" යන තේමාව යටතේ උතුරු නැගෙනහිර ජනතාවට කාන්ත හිංසනය පිළිබඳව දැනුවත් කිරීම් සිදුවන අතරවාරයේදී    මඩකලපුවේ කාන්තා එකමුතුවේ සාමාජිකාවක් වූ සුදර්සන් ක්‍රිෂ්ණා මහත්මිය විසින් මේ බව කියා සිටියාය..

යුද්දයට පසුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයන් සීග්‍රයෙන් වැඩි වී ඇති බවට උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන විසින් පෙන්වා දෙයි.

මඩකලපුවේ කාන්තා එකමුතුවේ සාමාජිකාවක් වූ සුදර්සන් ක්‍රිෂ්ණා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ,

සුදර්සන් ක්‍රිෂ්ණා මහත්මිය

යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර පලාත් වල විවිධාකාරයේ කාන්තා හිංසන වැඩි වුනා මේ සම්භන්ධයෙන් එම ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට පැමිණිල කරද එවා පොත් වලට විතරක් සීමා වෙලා ඇතම් කාන්තාවන් තමන්ට සිදු වූ හිංසනයන් ගැන සමාජය ඉදිරියේ කියන්නත් බයයි ඒ ඔවුන් සමාජයෙන් කොන් වෙයි කියන බිය නිසා ඒ වගේම අද බොහෝ විට ගැහැනු ළමුන්ට විවිධ වූ හිංසනයන් සිදු වන බවට වාර්ථා වනවා ගැහැනු ළමයෙකුට තනියම පාරක බැහැල යන්න බැරි තරම් සංස්කෘතියක් අප වටා නිර්මාණය වෙලා මේක ලොකු අවධානමක් මේ සඳහා අදා බළධාරීන් වහා ක්‍රියාත්මක වය යුතුයි.

උතුරු පලාතේ ක්‍රියාකාරි කාන්තා ජාලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක් වූ ක්‍රිෂ්ඨ නික‍ෂලා මහත්මිය කියා සටින්නේ,

ක්‍රිෂ්ඨ නික‍ෂලා මහත්මිය

‘ඇත්ත වශයෙන්ම යුද්දේ කාලේ කාන්තාවන්ට සිදු වුනු දූෂණයන් පිළිබඳව සත්‍ය වාර්තා විධිමත්ව සොයා බැලිමට අදාළ නිලධාරීන්ට බැරි වුනා යම් යම් බලපෑම් නිසා එත් දැන් ඒකට අවස්ථාව හොඳින් තිබිලත් හැම තැනම අයුක්තිය හිස ඔසවලා මෙක අපේ රටට අපේ සංසකෘතියට ලොකු බලපෑමක් උතුරු නැගෙනහිර පලාත් වල අපේ කාන්තා සංවිධාන වලට පමණක් වාර්ථා වූ කාන්තා දූෂණ බොහෝමයි. ඇත්තටම තමන්ට වෙච්ච දූෂණයන් නොකියන කාන්තාවන් රැසක්ම ඉන්නවා මේ අයට කිසිම යුක්තියක් නැහැ උතුරු නැගෙනහිර පලාත්වල සංවර්ධනය ගැන කතා කරන බළධාරීන් එහි ජීවත්වන කාන්තාවන්ගේ යුක්තිය හා අයිතීන් ගැනත් අවධානය යොමු කළ යුතු කාළයක් මේක. යනුවෙනි.

අද වෙනුකොට උතුරු නැගෙනහිර බොහොම කුඩා අවධියේ ඉන්න ළමයිනුත් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා මත්උවදුර නිසාම මේ කාන්තා දූෂණය වැඩිවෙලා එක පැත්තකින්. ඒ වගේම තමයි කුඩා ගැහැනු දරුවන් අපයෝජනය වන පුමාණයන් වැඩිවෙලා තියනවා. මේ ගැන සීයක් වුනොත් දහයක්වත් සමාජයට එන්නැහැ . මේක බරපතල තත්වයක්.

‘කාන්තා හිංසනය පිළිබඳව උතුරු නැගෙනහිර ජනතාවට විධිමත්ව අවබෝධ කරදිය යුතුයි එසේ වුවහොත් ඒ අයට යම් පිහිටක් තියනවා තියන ශක්තිය ඒ අයට ඇති වෙනවා මේ නිසා ග්‍රාමීය මට්ටමේ සිට උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කොට කාන්තා හිංසනය හැකි අයුරින් පිටු දැකීම තමයි අප කාගේත් අරමුණ විය යුත්තේ යනුවෙන් උතුරේ කාන්තා සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest