Skip to content

විමල්ගේ පොත ගැන ඇමරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ එළිදැක්වූ පොත ප්‍රබන්ධයක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

9 සැඟවුණු කතාව ලෙස එළිදැක්වූ  පොත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අමූලික බොරු පතුරුවා හැරීමට කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.‌‌‌‌

මේ පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවත්,මෙම පොත "ප්‍රබන්ධ" යටතේ වර්ග කළ යුතු බවත් පවසා තිබෙනවා. ‌‌‌‌

වසර 75 කාලයක්  එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කළ ආකාරයෙන් ඉදිරියටත් කටයුතු කරන බව ජුලි චන්ග් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.   ‌‌

Latest