Skip to content

කැබිනට්ටුව මාසෙකට හිරේ දමන්න හදන ගම්මන්පිල!

තවත් ශාඛ තිබෙන බව පවසමින් ආන්දෝලනයට තුඩු දී තිබෙන පඬුකරඳ ශාඛය කපා දැමීම දැන් සාධාරණීකරණය කිරීම නීති විරෝධී අතර එම වරදට මාසයක සිර දඬුවම් ලැබිය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

ඒ, අද (17) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම මාසයකට හිරේ යැවිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නීතිය සැමට පොදු බව පැවසුවද අමාත්‍ය මණ්ඩලයට ඊට උඩින් ඉන්න බව පෙන්වා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්  දැන් නීතිය සැමට පොදු බව පෙන්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මෙලෙස අත්තනෝමතිකව ඉවත් කර ඇත්තේ රතු දත්ත පොතටද ඇතුළත්ව තිබුණු ඇති විශේෂ ශාඛයක් බවද මන්ත්‍රීවරයා
ප්‍රකාශ කළේය.

Latest