පවතින දැඩි රශ්නය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ තිබෙන ජලය ලීටර් මිලියන 03 ක් දිනකට වාෂ්ප වන බව එහි කාර්ය බාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සදහන් කරයි.
මධ්‍යම කදුකරය තුළ ඇති විශාලතම ජල විදුලි උත්පාදන ජලාශය වික්ටෝරියාවයි.නියමිත පරිදි වැසි ලැබුණූ විට වර්ග කිලෝ මීටර් 24 ක විශාලත්වයකින් යුතු වික්ටෝරියා ජලාශය පිරී යන්නේය.නමුත් මාස කීපයකින් නියමිත පරිදි වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජලය ඉතිරි වී ඇත්තේ වර්ග කිලෝ මීටර් 11 ක ප්‍රමාණයක් පමණි.එම ජල ප්‍රමාණයෙන්ද දිනකට මිලි මීටර් 05 ක ජලයක් වාෂ්ප වන බවද ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සදහන් කරයි.ජලාශ වල මිලි මීටර් 02 ක පමණ ජලයක් දෛනිකව වාෂ්ප වීම සාමාන්‍ය දෙයක් වුවත්,මිලි මීටර් 05 ක ජලයක් වාෂ්ප වීමට හේතුව පවතින දැඩි නියගය බවද ඒ මහතා සදහන් කරයි.