Skip to content

මුතු රාජා ගැන විහාරධිපති හිමිගේ කතාව..



රටම කතා කරන අලුත්ගම  කන්ද විහාරයේ, මුතු රාජා හස්තියා ගැන විහාරාධිපති නාහිමියන් කියන කතාව

අලුත්ගම  කන්ද විහාරයේමුතු රාජා   වැඩිදුර ප්‍රතිකාර සඳහාතායිලන්තයට .
ඇතා දෙන්නේ නැවත සුවකර ගෙනත් දෙනවා කියන පොරොන්දුව මත' බව කන්දේ විහාරයේ නා හිමියෝ කියති.

මුතු රාජා ඇතා තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බව අලුත්ගම, කන්දේ විහාරාධිපති ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියෝ   ඉරිදා ලංකාදීප හමුවේ  පැවසූහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 2001 වසරේ එවකට සිටි  ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය පාලන සමයේ  ශ්‍රී ලංකාවට එරටින් ප්‍රදානයක් ලෙසලැබුණු ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක්  පැටවකු  අලුත්ගම  ඓතිහාසික කන්දේ විහාරයට ලැබුනු අතර අනෙක් පැටවා කැළණි රජමහ විහාරයට පූජා කර තිබෙනවා. එරට  සක් ශූරී  ලෙස නම්කර තිබූ ඇත් පැටවා අලුත්ගම කන්ද විහාරයට රැගෙන ඒමෙන් අනතුරුව, මුතු රාජා, නමින්නම් තබා එදා මෙදා තුර   හැදී වැඩී වාසයකර මහා සංඝරත්නයට මහත් සමීප උතුම් සත්වයෙක් බව වත්මන් කන්ද විහාරාධිපති නාහිමියන් වැඩිදුරටත් පැවසුවා.


''මට මේ ඇතාගේ භාරකාරත්වය ලැබුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. ඇතාගේ ඉදිරිපස පාදයෙ අසනීප තත්ව සිද්ධිය අවුරුදු 12කට විතර පෙර සිද්ධියක්. මම උපරිමයෙන් උත්සාහ කළා ඊට ප්‍රතිකාර කරන්න. අතීතයේ වෙච්ච දේකට මට වග කියන්න බැහැනේ'' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරත් පැවසූහ.
මුතු රාජා හස්තියා සම්බන්ධයෙන් මේ දිනවල විවිධ සමාජ මාධ්‍ය වල පළ වන  අභූත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මුතු රාජාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මේ රටේ පසුවෛද්‍යවරුන් කණ්ඩායම් කීපයක් සම්බන්ධ කරගෙන ප්‍රතිකාර කරා හැබැයි සියට සීයක්ම එය සම්පූර්ණයෙන්ම සුව කරන්න අපහසු උනා. ඒ සම්බන්ධයෙන් තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් කීප විටක් කන්ද විහාරයට පැමිණ මා සමග සාකච්ඡා කළා ඒ අනුව මේ සතාව මීට මාස හයකට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ තබා තවත් වැඩිදුර ප්‍රතිකාර කර ඒ රටට රැගෙන යන්න මෙයාව යම් හුරු කිරිම් කරන්නත් වුණා දෙහිවල සත්වෝද්‍යානය පරිශ්‍රයේදී.
අපේ මුතු රාජා හස්තියාකිසිම දවසක කොටන්  ඇදලා නෑ එහෙම මෙයාට පුළුවන් කමකුත් නෑ මෙයාට ආහාරයට දෙන  කිතුල්කොටේත් අපි අඩි තුන හතරක ට කපලා පළලයි දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හීලෑ අලි ඇතුන්ගෙන් මෙයා සුවිශේෂි සත්වයෙක් මද කිපුණු කාලයටත් මහා සංඝරත්නයට එයා සමීපයට ඕනෑම වෙලාවක යන්න පුළුවන්. කන්ද විහාරයේ ඉන්නකොට ඕනෑම   රාත්‍රී කාලයකදී වුණත් එයා සමීපයට එන මහා සඟරුවනට ගරු කරනවා ආචාර කරනවා වගේම ආහාරපාන දෙන්නත් පුළුවන්. මෙම සත්වයා හස්තියකු හැටියට සුපුරුදු ඝන ආහාර මෙන්ම පලතුරු වර්ග, පාන් වන්ඩු  වැනි ආහාර වලටත් කැමතියි. මුතු රාජා උතුම් දළදා පෙරහරේ මෙන්ම රත්නපුර කතරගම පෙරහැර වලට සහභාගි වෙලා තියෙනවා ඒ රැගෙන ගිය සෑම අවස්ථාවකදීම මහා සංඝරත්නය පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහලා ආශිර්වාදය කරලයි අලි බාස්ලා රැගෙන යන්නේ මුතුරාජා කොරෝනා ව්‍යසනයට පෙර වසර කීපයක් මහනුවර නාථ දේවාලයේ ප්‍රධාන හස්තියා ලෙසත් කටයුතු කළා. බුදු දහමට නිගා කරන ඇතැම් පුද්ගලයන් ඉන්න මේ රටේ මේ ඇතාට වගේම මටත් සමාජ මාධ්‍ය පුවත් කරන නිගාවක් ප්‍රතික්ෂේප කරනවා"
යැයි උන්වහන්සේ   දෙහිවල සත්ව උද්‍යානයේ දී  මුතු රාජා හස්තියාගේ සුවදුක්  සොයා බලා ආහාරපාන ලබාදීමෙන් අනතුරුව පැවසීය.

මෙම හස්තියා දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා වසර විසි එකක් වෙනවා  එය ලංකාවට එනකොට වසර පහක පමණ පුංචි පැටියෙක්. දැන් එයා හොඳ යෞවනවයසේ පසුවන මහා සංඝරත්නයට මෙන්ම ජනතාවටත්  ලෙන්ගතු දැවැන්ත හස්තියෙක්  එයා ගැන ඔය කියන විවිධ  අවලාද අපහාස කරන්න අරගෙන තාම වසරක් වත් නෑ. දැන් ලංකාවේ මෙයා  හොඳ මාතෘකාවක් වෙලා  අගමැති මැති ඇමතිවරු විපක්ෂය ඇතුළුව  පාර්ලිමේන්තුවෙත් කතා කරනවා. හැබැයි ඔය කියන කිසිම මාධ්‍යයක්  මේ හස්තියා ගැන තොරතුරු විමසුවේ නෑ. ඒ ගැන ඔබ ආයතනයට ස්තූතිවන්ත වෙනවා. මොකද ලංකාවේ විතරක් නෙමේ ලෝකෙ කොහේ හෝ  ඇති හැකි අය කුමක් හෝ රෝගයකින් පෙළෙන අවස්ථා තියනවා ඒ වගේ වෙලාවට ඒ කෙනා වෙනුවෙන් ඒ ඒ අයගේ පාර්ශවයන් රෝගයකින් පෙළෙන අයව ලංකාවේ බැරිනම් පිටරටකට හෝ ගිනිහින් සුව කරන්න උත්සාහ කරනවා  මේ සිදුවීමත් එහෙමම තමයි තායිලන්ත රජයේ මගෙන් අවසර ඉල්ලුවා හස්තියාගෙ සුභසිද්ධිය වෙනුවෙන් ගිවිසුම්ගතව එම ඉල්ලීම ඉටු කරා අපේ කන්ද විහාරයේ මුතුරාජා මව් රටට ගෙන ගොස් හෝ සම්පූර්ණ සුවය ලබාගෙන නැවත මෙරටට ලබාදෙන පොරොන්දුව මත යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය . නැතුව මේ රටේදී ඔය අවලාද කියන අය සමාජගත කරන වැරදි තොරතුරු නිසා සිදු වෙච්ච හිංසා නිසා නොවෙයි කියලත් කියන්න ඕනේ.  මුතු රාජා ශ්‍රී ලංකාවටම  සම්පතක් වූ හස්තියෙක් යැයි ද සඳහන් කළහ.

මුතු රාජා ලබන ජූලි දෙවැනිදා විශේෂ ගුවන්යානයකින් තායිලන්තය බලා රැගෙන යන බවත් ඇතා නැවත රැගෙන යෑමේ ක්‍රියාවලියට තායිලන්තය මෙරට මුදලින් රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව මුතු රාජා හස්තියාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල දෙක 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරිනි මධූෂා පෙරේරා සඳහන් කළාය. තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර එරටදී ලබා දීමට සැලසුම් කර තිබේ.

ඡායාරූපවලින් දැක්වෙන්නේ. කන්දෙ විහාරධිපති හා  ඇමරිකාවේ ෆ්ලොරීඩා බෞද්ධ මධ්‍යස්ථාන ඔබය විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් කුඩා  සාමණේර හිමිවරුන්හා මුතු රාජා හස්තියා සමීපයේ සිට ආහාර ලබා දීමේ සත්කාරයන් සිදුකරන   ආකාරය. දැක්වෙන ඡායාරූප.

Latest