ප්‍රගතිය (Progress) ලෙස අප සිතන සියලු දේවල මූලාශ්‍රය ලෙස ඔබට එක් මානව ජයග්‍රහණයක් පමණක් තෝරා ගත හැකි නම්, එය කුමක් වේවිද?
බොහෝ අය විද්‍යාව කියාවි.
වසරින් වසර ආයු අපේක්ෂාව ඉහළ යාමට හේතුව විද්‍යාවයි. බටහිර ලෝකයේ ආහාර බහුලව සහ පහසුවෙන් ලබා ගැනීමට හේතුව විද්‍යාවයි. ඔබේ පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් මෙම ලිපිය කියවීමට ඔබට හැකි වීමට හේතුව එයයි. මෙම ජයග්‍රහණ විශ්මය දනවන සුළුය. විද්‍යාව මිනිස් ජීවිතයේ සියලු වැදගත් සත්‍යයන් ඉක්මනින් සොයා ගනු ඇතැයි යන විශ්වාසය වර්ධනය වීමට හේතු වේ.
මෙය බොහෝ දෙනා "විද්‍යාවාදය (Scientism)" ලෙස හඳුන්වනු ලබන අතර එය ලෝකය අවබෝධ කර ගැනීම පිළිබඳ ඇති එකම සැබෑ දැනුමේ මූලාශ්‍රය විද්‍යාව බව එයින් විශ්වාස කරයි. විද්‍යාවාදයේ ප්‍රධාන අදහසක් වන්නේ සත්‍යය වලංගු වන්නේ එය විද්‍යාත්මක ක්‍රියාවලියක් හරහා පැමිණියහොත් පමණක් බවයි.
එමෙන්ම ස්වභාවධර්මය විමර්ශනය කිරීමේ මෙවලම් සහ ක්‍රමවේද සමූහයක් වන 'විද්‍යාව' (Science) සහ විද්‍යාවට සීමා මායිම් නොමැති බවත් මිනිසාගේ සියලු ගැටලු තේරුම් ගත හැක්කේ විද්‍යාවෙන් පමණක් බව පවසන මතවාදයක් වන 'විද්‍යාවාදය' අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වේ. විද්‍යාවාදය මිනිස් ජීවිතයේ සෑම අංශයකටම විද්‍යාව ඇතුළත් කිරීමට උත්සාහ කරයි. එය අදාළ නොවන ප්‍රදේශවල පවා ඇතුළත් කිරීමට එය උත්සහ කරයි.
වසර ගණනාවක් පුරා මෙම මතය කෙතරම් පුළුල් වී ඇත්ද යත්, යම් කිසි දෙයක් විද්‍යාත්මක නොවන දෙයක් ලෙස හැඳින්වීම පවා අපහාසයක් බවට පත් වී ඇත. විද්‍යාව යනු අපගේ ලෝකය පිළිබඳ දේවල් සොයාගැනීමේ ක්‍රමවේදයක් වන අතර එය හොඳ හෝ නරක සඳහා භාවිතා කළ හැකිය. "විද්‍යාවාදය" යනු විද්‍යාව හොඳම සහ එකම වලංගු ඉදිරිදර්ශනය බව උපකල්පනය කරන ලෝක දෘෂ්ටියකි.
පැහැදිලිවම කිවහොත්, මෙම ලිපිය විද්‍යාව පිළිබඳ විවේචනයක් නොව විද්‍යාවාදය පිළිබඳ විවේචනයකි.
එසේනම් විද්‍යාවාදයේ ඇති වරද කුමක්ද?
"අපේ ප්‍රඥාව ටිකක් වැඩි වෙන්න ඇති, සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. නමුත් අපේ බලය දැන් දෙවියන්ට සමානයි. අපි දැන් දෙවිවරු, නමුත් ප්‍රඥාව සඳහා."
මෙය හාවාඩ් ගණිතඥයෙකු සහ Thiel Capital හි කළමනාකාර අධ්‍යක්ෂ එරික් වෙයින්ස්ටයින්ගේ වචන වේ.

ඉතින් ඔහු මෙයින් අදහස් කරන්නේ කුමක්ද?
1953 සිට අපි මානව ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් දෙකක් සමඟ ඩූම්ස්ඩේ ඔරලෝසුවක් ආරම්භ කර ඇත. පළමුවැන්න පරමාණුක උපාංග සෑදීමේ හැකියාව අගුළු හැරීමයි. ඉන් පළමුවැන්නේ ප්‍රතිඵලය දෙවන ලෝක යුද්ධය අවසානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත හෙළන ලදී. දෙවැන්න වොට්සන් සහ ක්‍රික් විසින් DNA වල ත්‍රිමාණ ව්‍යුහය සොයා ගැනීමයි. සත්ව විශේෂයක් මෙම හැකියාවන් දෙක අගුළු ඇරීමට ඉගෙන ගත් පසු, පරමාණුවේ සහ සෛලයේ බලය උපයෝගී කර ගත් පසු, ඔවුන් හඳුනා නොගත් භූමියකට (Uncharted Territory) ඇතුල් වේ.
මක්නිසාද යත් ඉතා ඉක්මනින් අපට දෙවියන් වැනි බලයට (God-like Power) ප්‍රවේශය ලැබෙනු ඇත. පෘථිවිය බොහෝ වාරයක් විනාශ කළ හැකි තරම් බලවත් ආයුධවලට ප්‍රවේශය ලබා ඇත. තවද අපගේ DNA සංස්කරණය (Edit) කිරීමට සහ වෙනස් කිරීමට අපට හැකියාව ලබා දෙන තාක්ෂණයට ප්‍රවේශය ලබා ඇත. ඒවා අපි කවදාවත් නොදැකපු ස්වභාවධර්මය හසුරුවන බලයන් වේ. තවද එය සිතාගත නොහැකි අවුල් සහ විනාශයක් ගෙන ඒමේ බලය ද වේ.
එහෙත් මේ බලය වගකීමෙන් යුතුව භාවිත කිරීමට අපට ප්‍රඥාවක් තිබේද?
විශේෂයෙන්ම ගැටුම්, අදූරදර්ශීභාවය සහ අතාර්කිකත්වය පිළිබඳ අපගේ ඉතිහාසය සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රශ්නය ඇති වේ. වෙයින්ස්ටයින් මෙය නිවුන් න්‍යෂ්ටික ගැටලුව (Twin Nuclei Problem) ලෙස හඳුන්වන අතර ඔහු තර්ක කරන්නේ ලොව බලවත්ම පුද්ගලයන් එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව කටයුතු කළ යුතු බවයි. මක්නිසාද යත් අපට එය කිරීමට නොහැකි නම් එයට මනුෂ්‍යත්වයේ අවසානය ලගා කර හැකි බැවිනි.
මෙය පවසන්නේ වෙයින්ස්ටයින් පමණක් නොවේ. 1947 දී, පරමාණුක විද්‍යාඥයින්ගේ බුලටින් සාමාජිකයන් විසින් මිනිසා විසින් සාදන ලද ගෝලීය ව්‍යසනයක සම්භාවිතාව නියෝජනය කරන ලෝක විනාශ ඔරලෝසුව (Doomsday Clock) නිර්මාණය කරන ලදී. 2023 ජූනි මාසය වන විට ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට පෙර තත්පර 90ක් ලෙස සකසා ඇත. මේ පිළිබද වැඩිපුර කියවීමට මෙම ලිපියට යන්න.


ඩූම්ස්ඩේ ඔරලෝසුවට එහි විවේචන ඇත. නමුත් සමස්ත කාරණය එයින් වෙනස් වන්නේ නැත. අප ජීවත් වන්නේ අපගේ පැවැත්මට පෙර නොවූ විරූ තර්ජනයක් ඇති කාලයක ය. ඒ වගේම මෙය අවබෝධ කරගෙන අපිට ජීවත් වෙන්න නම් විද්‍යාවේ සීමාවන් තේරුම් ගැනීමට ප්‍රඥාව සහ නිහතමානීකම අවශ්‍ය වේ. විද්‍යාවට කළ හැකි දේ සහ එයට කළ නොහැකි දේ තේරුම් ගැනීම විද්‍යාව වගකීමෙන් යුතුව භාවිතා කිරීමේ පළමු පියවර වේ.
එසේනම් එම සීමාවන් මොනවාද?
1700 දී, ඩේවිඩ් හියුම් නම් දාර්ශනිකයා ප්‍රේරණයේ ගැටලුව ලෙස මේ කාලයේ හැදින්වන ප්‍රශ්නය විස්තර කළේය. විද්‍යාව ක්‍රියා කරන්නේ ප්‍රේරක තර්කනය (Inductive Reasoning) නම් දෙයක් හරහාය. එනම් අප අපගේම අත්දැකීමෙන් දේවල් නිරීක්ෂණය කර, අප දැක ඇති දේ සමග සාමාන්‍යකරණය (Generalization) කර, ඒවා අප නොදුටු ලෝකයේ නව තත්වයන්ට යෙදවීමයි.

මෙයට හොදම උදාහරණයක් වන්නේ හංසයන්ය. 1600 ගණන්වලදී යුරෝපීයයන් විශ්වාස කළේ සියලුම හංසයන් සුදු බවයි. ඔවුන්ගේ තර්කය මේ වගේ දෙයකි. අප මෙතෙක් දැක ඇති සෑම හංසයෙක්ම සුදු ය. එබැවින් සෑම හංසයෙක්ම සුදු ය. ඔවුන් තවත් සුදු හංසයෙකු දකින සෑම අවස්ථාවකම, මෙම නිගමනය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් වේ.
නමුත් 1697 දී ලන්දේසි ගවේෂක Willem De Vlamigh විසින් ඕස්ට්‍රේලියාවේදී කළු හංසයන් සොයා ගන්නා ලදී. මෙය අපට ප්‍රේරක තර්කනයේ සීමාවන් පෙන්වයි. විද්‍යාවට එහි නිගමනයේ සත්‍යය තාර්කිකව සහතික කළ නොහැකි බව පමණක් නොවේ එය ඊටත් වඩා ගැඹුරට යයි. ප්‍රේරක තර්කනය රඳා පවතින්නේ අප තවමත් අත්විඳ නොමැති දේවල් අප අත්විඳ ඇති දේවලට සමාන විය යුතුය යන උපකල්පනය මතය.

එමෙන්ම ස්වභාවධර්මයේ ගමන් මග සෑම විටම එලෙසම පවතින බව. වෙනත් වචන වලින් කිවහොත්, එය ස්වභාවධර්මය ඒකාකාරී බව උපකල්පනය කරයි. මෙය ස්වභාව ධර්මයේ ඒකාකාර මූලධර්මය (Principle Of Uniformly Of Nature) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස විද්‍යාව අපට පවසන්නේ ආලෝකයේ වේගය නියතයක් බවත් එය සෑම විටම තත්පරයට මිලියන 792 458 ක් ගමන් කරන බවයි.
මෙම කරුණ බොහෝ නවීන භෞතික විද්‍යාවේ මූලික පදනම වන නමුත් ආලෝකයේ වේගය සැමවිටම මේ ආකාරයෙන් පැවති බව අප දන්නේ කෙසේද?
එසේත් නැතිනම් අනාගතයේදී එය මේ ආකාරයෙන්ම පවතිනු ඇතිද?
පිළිතුර වන්නේ අපට එය දැනගත නොහැකි බවයි.
අපි ඒ උපකල්පනය අපේම සීමිත අත්දැකීමෙන් ගොඩ නැගිය යුතුය. අතීතයේ දී ආලෝකයේ වේගය වෙනස් විය හැකි බව ගවේෂණය කෙරූ භෞතික විද්‍යාඥ Joao Mageuijo ගේ කෘතියෙන් අපට මෙය දැක ගත හැකිය. විශ්වයේ ළදරු අවධියේ එය අදට වඩා බොහෝ වේගවත් වන්නට ඇත. ප්‍රේරක තර්කනයේ ස්වභාවය වන්නේ විද්‍යාත්මක නීති පවා නිරපේක්ෂ නිශ්චිතභාවයක් ප්‍රකාශ නොකරන අතර, අනාගත නිරීක්ෂණ මගින් විද්‍යාත්මක නීතියක් පරස්පර වීම, සීමා කිරීම හෝ දීර්ඝ කිරීම සැමවිටම කළ හැකි ය.

තවද මෙය අර්ථාන්විත වන්නේ අප විද්‍යාව සිදු කර ඇත්තේ වසර දහස් ගණනක සිට පමණක් වන අතර, අවම වශයෙන් වසර බිලියන 13.8 ක් පැරණි විශ්වයේ ඇස්තමේන්තුගත වයසට සාපේක්ෂව කාලයාගේ ඇවෑමෙන් කුඩා කොටසක් පමණි. විද්‍යාව යනු තාවකාලික ක්‍රියාවලියක් බවත් ඔවුන් ගන්නා ඕනෑම නිගමන ඕනෑම වේලාවක වෙනස් විය හැකි බවත් නිහතමානීව වටහා ගත යුතුය. ප්‍රධාන වශයෙන් විද්‍යාවාදය සඳහා තල්ලු කරන්නේ දෘෂ්ඨිවාදීන් (Ideologues) ය.
විද්‍යාව පමණක් අපගේ සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙන බව විද්‍යාවාදයේ අනුගාමිකයින් පවසන්නේ විද්‍යාව අපගේ අතීතයේ බොහෝ ගැටලු විසඳා ඇති බැවින් විද්‍යාව මිනිස් ජීවිතයේ සෑම ගැටලුවක්ම විසඳනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. මෙයින් ගම්‍ය වන්නේ ගෝලීය ව්‍යසනයක අද්දරට අපව ගෙන ආ එම මානසිකත්වයම එයින් අපව ගොඩට ගෙන එන මානසිකත්වය වේ යන උපකල්පනයයි.
ඩේවිඩ් හියුම් විය යුතු ගැටලුව (Is-Ought Problem) ලෙස හැඳින්විය හැකි දේ ගැන පවසයි. ඩේවිඩ් හියුම් විවිධ ආකාරයේ ප්‍රකාශ දෙකක් අතර වෙනස හඳුනා ගෙන ඇත. පළමුවැන්න විද්‍යාවේ ක්ෂේත්‍රය වන සත්‍ය ප්‍රකාශයන් (Facts) ය. එය විශ්වය පවතින ආකාරයට විස්තර කිරීමට උත්සාහ කරයි. නමුත් දෙවන වර්ගය සදාචාරාත්මක ප්‍රකාශයන් (Moral Statements) වේ, එය කිසිවක් විස්තර නොකරයි. අප කළ යුතු හෝ නොකළ යුතු දේ ඒවා අපට කියයි.
අපට ලෝකය පිළිබඳ සෑම කරුණක්ම ලැයිස්තුගත කළ හැකි නම්, අප කළ යුතු හෝ නොකළ යුතු දේ පිළිබඳ ප්‍රකාශයක් තර්කානුකූලව ව්‍යුත්පන්න (Derive) කිරීමට අපට කිසි විටෙකත් නොහැකි වනු ඇති බව හියුම් පෙන්වා දෙයි. මන්ද මේවා මූලික විවිධ ප්‍රකාශයන් වන බැවිනි. වෙනත් වචන වලින් කිවහොත්, සදාචාරාත්මකව යමක් හරි හෝ වැරදි බව විද්‍යාවට කිසි විටෙකත් ඔප්පු කළ නොහැක. සදාචාරයට සම්බන්ධ ඕනෑම දැනුමක් විද්‍යාවට පිටින් කොහෙන් හෝ පැමිණිය යුතුය.
නමුත් 2010 මාර්තු 22 වෙනිදා සෑම් හැරිස් ටෙඩ් ටෝක් එකකදී තර්ක කළේ විද්‍යාවට සදාචාරාත්මක ගැටලු විසඳිය හැකි බවයි. භෞතික විද්‍යාවේ ප්‍රශ්නවලට හරි සහ වැරදි පිළිතුරු ඇති ආකාරයටම සදාචාර ප්‍රශ්නවලට ප්‍රතිපත්තිමය වශයෙන් හරි සහ වැරදි පිළිතුරු ඇති බව ඔහු පවසයි. මොළයේ සංජානනය (Brain Cognition) සහ විඥානය අධ්‍යයනය (Consciousness Study) කිරීමේ ක්ෂේත්‍රවල විද්‍යාව දියුණු වන විට, ඔහු "මිනිස් යහපැවැත්ම (Human Well-Being)" ලෙස හඳුන්වන දේ උපරිම කරන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාත්මක නිගමනයකට එළඹීමට අපට හැකි වනු ඇතැයි ඔහු තර්ක කරයි.

නමුත් ඔහු හරිද?
න්‍යායික භෞතික විද්‍යාඥ ෂෝන් කැරොල් එයට ප්‍රති-තර්කයක් ඉදිරිපත් කරයි. පළමු අවස්ථාවේ දී, හැත්තෑ හැවිරිදි කාන්තාවකගේ කැමැත්තට එරෙහිව ඇගේ ජීවිතය අවසන් කිරීමට අපට තේරීමක් ඇතැයි සිතමු. ඉන්පසු ඇගේ හදවත අවුරුදු විස්සක් වයසැති පිරිමියෙකුගේ ශරීරයට බද්ධ කිරීමෙන් ඔහුට ජීවත් වීමට තවත් වසර ගණනක් එකතු කරයි.

එහෙම කළාට කමක් නැද්ද?
බොහෝ අය මෙය ඉතා වැරදි ලෙස දකිනු ඇත.
නමුත් අපි පුද්ගලයින් ගණන වැඩි කරමු. මිනිසුන් දෙදහසක් බේරා ගැනීමට ඇති එකම දෙය වන්නේ එක් කෙනෙකුගේ ජීවිතය ඔහුගේ අකමැත්තෙන් අවසන් කිරීම වන දෙවන තත්වයක් අපි සිතමු.
එහෙම කළාට කමක් නැද්ද?
ෂෝන් කැරොල් තර්ක කරන්නේ මෙම සදාචාරාත්මක අපැහැදිලි තත්වයන් තුළ, සාමූහික යහපැවැත්ම සඳහා තනි පුද්ගලයෙකුගේ ජීවිතය කැප කිරීම සුදුසු වෙනවාද යන ප්‍රශ්නයට ස්නායු විද්‍යාවේ හෝ වෙනත් ඕනෑම තැනක විද්‍යාත්මක පර්යේෂණයක් අපට නිශ්චිත පිළිතුරක් ලබා ගත නොහැකි බවයි. මෙයින් ඇඟවෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු දීමට විද්‍යාත්මක පර්යේෂණ කොපමණ ප්‍රමාණයක් තිබුණත් නොහැකි බවයි.
සෑම් හැරිස්ගේ වැනි පුද්ගලයින් විද්‍යාවාදය සදහා හොදම උදාහරණ වේ. මක්නිසාද යත් ඔහු මූලික වශයෙන් පිළිතුරු දිය නොහැකි ක්ෂේත්‍ර සඳහා විද්‍යාව යොදා ගැනීමට උත්සාහ කරන බැවිනි. මෙය තව දුරටත් ගෙන යාමට නම්, සෑම් හැරිස් විසින් අත්හදා බැලීමක් සිදු කළ බව සිතන්න. එයින් වෙනස් කොට සැලකීම (Discrimination) ඇත්ත වශයෙන්ම එම සමාජයේ බහුතර මිනිසුන්ගේ සමස්ත යහපැවැත්ම වැඩි කළ බව පෙන්නුම් කරයි.
එයින් අදහස් කරන්නේ වෙනස්කම් කිරීම දැන් සදාචාරාත්මකව යහපත් බවද?
සෑම් හැරිස්ට එය එසේ බව නිගමනය කිරීමට සිදුවනු ඇත. නමුත් කිසිසේත්ම විද්‍යාත්මක නොවන හේතු නිසා වෙනස්කම් කිරීම වැරදි බව මම තර්ක කරමි. වෙනස් කොට සැලකීම සමානාත්මතාවය (Equality) සහ යුක්තිය (Justice) පිළිබඳ වටිනාකම් සමඟ සම්බන්ධ වේ. තවද මෙම අගයන් සම්පූර්ණයෙන්ම විද්‍යාවේ ක්ෂේත්‍රයෙන් පරිබාහිර වේ. විද්‍යාවාදය විසින් වැරදී ලෙස ගන්නා ප්‍රධාන කරුණක් වන්නේ මෙයයි. මක්නිසාද යත් වෛෂයිකව (Objectively) මුවාවෙන් තවදුරටත් දේශපාලන න්‍යාය පත්‍ර සඳහා විද්‍යාව වැරදි ලෙස භාවිතා කිරීමේ සැබෑ අනතුරක් ඇති බැවිනි. යමෙකුට තම මතවාදය විද්‍යාත්මක බව පෙන්විය හැකි නම්, එය මිනිසුන් ප්‍රශ්න කිරීමට ඇති ඉඩකඩ අඩු වන ආකාරයේ වටහාගත් නීත්‍යානුකූල භාවයක් ලබා දෙයි.
ඇත්ත වශයෙන්ම විද්‍යාව වැරදි ලෙස භාවිතා කිරීම අලුත් දෙයක් නොවේ. 1935 දී, Heinrik Himmler වැනි නාසි ජර්මානුවන්, දෙවන ලෝක යුද්ධයේදී තමන් විසින් ක්‍රියාත්මක කරන බිහිසුණු ප්‍රතිපත්ති සාධාරණීකරණය කිරීම සඳහා, ඔවුන්ගේ ජීව විද්‍යාත්මක උසස් බව ප්‍රදර්ශනය කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සංවිධානය කිරීමට උත්සාහ කළහ.

විද්‍යාවේ සීමාවන් සහ එයට පිළිතුරු දිය හැකි සහ කළ නොහැකි ප්‍රශ්න අප තේරුම් ගත යුතුය. එය වගකීමෙන් යුතුව පරිහරණය කිරීමේ අපට ඇති එකම මාර්ගය ප්‍රඥාවයි. එරික් වෙයින්ස්ටයින් පෙන්වා දෙන පරිදි, අපි දැන් දෙවිවරුන් වන්නේ ප්‍රඥාව සඳහා ය. අපට ඇති මෙම ප්‍රශ්නවලට විසඳුම විද්‍යාවේ කිසිසේත්ම නොතිබිය හැකිය. එය ඇත්තේ ආපසු හැරී බැලීම සහ පැරැන්නන් තේරුම් ගැනීම තුල විය හැකිය. ඔවුන් අතීතයේ ජීවත් වූ ආකාරය සහ සමහර ජන කණ්ඩායම් අදත් ජීවත් වන ආකාරය දෙස බැලීම මේ සදහා වැදගත් වේ.
මෙම සම්ප්‍රදායන් "ප්‍රාථමික (Primitive)" ලෙස බැහැර කිරීමේ ප්‍රවණතාවක් අපට ඇත. නමුත් ඒ සෑම එකක්ම මානව ඉතිහාසයේ ආරම්භය දක්වා දිවෙන නොබිඳුණු ප්‍රඥාවේ දාමයක් නියෝජනය කරයි. ඒවා පරීක්ෂා කර ඇති අතර ඔවුන් වසර දහස් ගණනක් සාර්ථකව ක්‍රියා කර ඇත.
සංසන්දනය කිරීමේදී අප දැන් ජීවත් වන ජීවන රටාවට සමාන වන කිසිදු ඓතිහාසික පූර්වාදර්ශයක් නොමැත.
අපි හැමෝම ජීවත් වෙන්නේ අලුත්ම සාමූහික අත්හදා බැලීමක් (Collective Experiment) තුළය.